දේශීය පුවත්

පසුගිය සඳුදා පැවැති හිරු රූපවාහිනියේ සලකුණ නම් වැඩ සටහනට සහභාගි වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අල්ලාහ් දෙවියන් වහන්සේ කුමන්ත්‍රණකරුවා යැයි පැවසීම හේතුවෙන් මුස්ලිම් සමාජය තුල කැළඹීමක් මතුව ඇතැයි පැවසේ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මාධ්‍යය නිවේදනයක් නිකුත් කර ඇත.
බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙහි පහතින්…

මාධ්‍ය නිවේදනය
2021 සැප්තැම්බර් 20

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රූපවාහිනී වැඩසටහනකදී “අල්ලාහ්” පිළිබඳව අල් කුරානයේ වගන්තියකට අනුව මතුකළ කාරණයක් පිළිබඳව සිදුකරන කරුණු පැහැදිලි කිරීමයි

පසුගිය සඳුදා දින හිරු TV සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් “අල්ලාහ් කුමන්ත්‍රනකරුවා” යැයි පැවසූ බවට සඳහන් කරමින් මුස්ලිම් සමාජය තුල යම් කතා බහක් ඇති වී තිබේ.

එහිදී උන්වහන්සේගේ මතයක් හෝ අදහසක් ප්‍රකාශ නොකළ අතර අල් කුරානයේ 8:30 වගන්තිය උපුටා දක්වමින් එහි සඳහන් කරුණ මතුකරන ලදි.

ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය විසින් අබ්දුල් රාසික් ගේ ප්‍රධානත්වයෙන් සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ සඳහන් වගන්තිය එලෙසම ඥානසාර හිමියෝ මෙම වැඩසටහනේදී කියවන ලදි.

එම කුරානයේ අදාළ කරුණ සඳහන් වන්නේ මෙසේය..

“(මුහම්මද්) ඔබ අල්ලා තබා ගැනීමට හෝ ඔබ ඝාතනය කිරීමට හෝ ඔබ පිටුවහල් කිරීමට හෝ (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අය කුමන්ත්‍රණ කල සැටි සිහි කරන්න. ඔවුහු කුමන්ත්‍රණ කරති. අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ට ය.”

ශ්‍රී ලංකා ජමයතුල් උලමා සභාව සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ 8:30 වගන්තිය සඳහන් වන්නේ මෙලෙසය.

“(නබිවරයා) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරව්). ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සලසුම්කරුවන්ගෙන් අති ශේෂ්ඨය.”

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් උන්වහන්සේගේ අදහසක් ප්‍රකාශ නොකළ අතර ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය සිංහලයට පරිවර්තනය කළ කුරාණයේ සඳහන් වගන්තියක් කියවීම පමණක් සිදුකරන ලදි.

අදාළ කුරානය 2015 වසරේදී සිංහලයට පරිවර්තනය කර ඇති අතර, පසුගිය වසර 6ක කාලය තුල එම වැකිය වැරදි යැයි මුස්ලිම් සමාජයේ කිසිවෙකුත් ප්‍රකාශ කර ඇති බවක් අප දැනුවත්ව අසා නැත.

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මේ පිළිබඳව අවලාද නැගීමෙන් හෝ “අල්ලාහ්” දෙවියන්ට අපහාස කල බවට මාධ්‍ය සංදර්ශන පවත්වමින් චෝදනා කිරීමෙන් ඵලක් නොවන අතර උන්වහන්සේ “අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය” ලෙස පැවසීම පිළිබඳව කිසියම් පුද්ගලයෙකුට යම් ප්‍රශ්නයක් ඇත්නම් එම අදහස අල් කුරානයට ඇතුලත් කල පුද්ගලයන් සමග එය විසඳ ගන්නා ලෙසත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

තෙරුවන් සරණයි…!!!
බොදු බල සේනා මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More