දේශීය පුවත්

එදා 2001-2003 කාලවකවානුවේදී රජයට අයත් වරායේ ඉඩම් අක්කර 8ක් , තෙල් සැපයීමේ ව්‍යාපාරය සහ රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීමේදී පී බී ජයසුන්දර මහතා නීතිය අභිබවා කටයුතු කළ බවට 2008දී ශ්‍රේෂ්ඨාධිකරණය විස්න් තීන්දු කළ පරිදි ඉදිරි කාලයේදී වර්තමාන භාන්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතාට නඩු වැටෙන බව ජාතික සංවිධාන කියයි.

පසුගිය සිකුරාදා(17) රාත්‍රී 12ට ගිවිසුමක් අත්සන් කර රජයට අයත් “යුගදනව්” බලාගාරයේ කොටස් අමෙරිකාවේ NFF සමාගමට විකිණීම පිළිබඳව ලංකා ලීඩ් “වෙබ්” පුවත් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසා සිටි අවස්ථාවේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ඉහත අදහස ප්‍රකාශ කළේය.

එදා මෙන්ම අදත් අමාත්‍යය මණ්ඩලයේ නිසි අවසරය නොමැතිව සහ නීතියට පිටින් විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ එකඟතාවය නොමැතිව එවැනි ගිවිසුම් අත්සන් කිරීමට වරද වර්තමාන භාන්ඩාගාර ලේකම්වරයා මත පැටවෙන බව වෛද්‍යය වසන්ත බංඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ඉදිරි ආණ්ඩුවක් යටතේ හෝ මේ ආණ්ඩුව යටතේම ඔහුට විරුද්ධව නඩු පැවරීමට හැකියාව ඇති බව මෙන්ම ජයසුන්දර මහතාට රැකියාව පමණක් අහිමි වුවද මෙම වරද ඊට වඩා බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More