කිරි වල බටර් ඉවත් කරගෙන වැඩි මිලට විකුණා ඒ වෙනුවට ෆාම් තෙල් එකතු කර ලංකාවට එවන බාල කිරි පිටි පැකට් වලට පුරවා විකුණන ජාවාරම්කාර සමාගම් වල කොමිස් වලට යටවී ආණ්ඩුවේ ඇමතිවරුන් බදු සහන සහ මිල වැඩිකිරීම් ලබා දෙන බව කිරි සමිති පවසති.
ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ කිරි ගොවි සමිතියක සභාපතිවරයෙකු පවසා සිටියේ බාල කිරි පිටි ආනයනය කර විකුණන ජාවාරම්කාරයින් දේශීය කිරි ගොවියෙකුගෙන් එක කිරි ලීටරයක් හෝ කිරි මිලදී නොගන්නා බවයි. කොමිස් වලට යටවී ආනයනයකරුවන්ට සහන ලබාදී දේශීය කිරිපිටි කර්මාන්තය වනසන පාලකයින්ට ළඟදීම පාඩම් ඉගෙන ගැනීමට සිදු විය හැකි බව ඔවුහු පවසති. ආනයනික කිරි පිටි වලට බදු සහන සහ මිල වැඩිවීම් ලබා දී දේශීය කිරි පිටි කර්මාන්තය බිඳ වැටුනහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ටම උදේට කිරි නාලා පාර්ලිමේන්තුවට යාමට සිදුවන බවද ඔවුහු පවසති.
“ඒ ආකාරයට දේශීය කිරි කර්මාන්තය විනාශ කර ජාවාරම්කාර ආනයනයකරුවන්ට සහන දුන්නාම අපේ කිරි මිලදී ගන්නේ කවුද? ඒවා උන්ගේ ඔළුවලට හලන එක විතරයි අපට කරන්න තියෙන්නේ.” ඒ ඔවුන්ගේ හඬයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...