කලා පුවත්

යොහානිට තානාපතිකමක්

September 20, 2021 6:25 pm | Lanka Lead News

සතීශන්ගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතයෙහි Official cover song එක ගායනය කොට මාස 3ක් තුළ ලොව වැඩිම සංඛ්‍යාවක් නැරඹූ 5 වැනි ගීතය බවට පත්කළ ශ්‍රී ලංකාවේ නවක ගායිකා යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික තානාපතිනිය ලෙස පත්කර ඇතැයි මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඇය පසුගියදා ඉන්දියාවේ රූපවාහිනි නාළිකා ගණනාවක් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව පැවසුවේය.

“නවතම සංස්කෘතික තනාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාලිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතකි. මිලියන 110කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි කරගත් ඇයගේ ‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන ගණනකගේ හදවත් සොරාගෙන ඇත. වසර දහස් ගණනක් පැරණි ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයේ සැබෑ මිහිර සහ ගැඹුර මෙයින් පිළිඹිබු වේ.” යැයි ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More