දේශීය පුවත්

මෙරට ජෛව විවිධත්වයට හා පසට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

රට තුළට කාබනික පොහොර තොග ගොඩබෑමට අවසර ලබාදෙනු ලබන්නේ එම පොහොර සාම්පල වරක් නොව දෙවරක් පරික්ෂා කිරීමෙන් අනතුරුව බව ඒ මහතා සඳහන් කළේය.

මහනුවර, පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඒ බව පැවසීය.

“1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත යටතේ ලංකාවට යම්කිසි දෙයක් ගෙනඑනවා නම් ක්ෂුද්‍ර ජීවීන්, විශේෂයෙන්ම ව්‍යාදිජනක ක්ෂුද්‍ර ජීවීන් ගෙන ඒම සඳහා කිසිම අවකාශයක් නැහැ. ඉතින් මේ අවස්ථාවේදී කාබනික සම්භවයකින් යුත් පොහොර ලංකාවට ගෙන ඒම සඳහා විධිමත් ක්‍රමවේද හරහා යන අතරතුරදී පසුගිය දවස්වල ඒ සඳහා ආ සාම්පලක් සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනාත්මක ප්‍රකාශන ගිහිල්ලා තිබුණා. සම්පුර්ණ පොහොර ප්‍රමාණ ලංකාවට රැගෙන ආවත්, පිටරටකදී ඒවා පරික්ෂාවකට භාජනයකරලා තිබුණාත්, නැවෙන් ගොඩබෑමට ප්‍රථම අපි නැ‍වතත් සියලුම පරීක්ෂණ කරලා තහවුරු වුණොත් විතරයි අපි ලංකාවට ගෙනඑන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More