දේශීය පුවත්

කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා පැනවූ සංචාරක තහනම ඉවත් කිරීමට ජපාන රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා පැනවූ තහනම අද  (20) දිනයේ සිට ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පවතින දැඩි කොරෝනා ව්‍යාප්තිය නිසා එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට පවා පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා ජපානයට ඇතුලුවීමට අවසර හිමි නොවූයේ පවතින කොවිඩ් තත්වය සැළකිල්ලට ගෙනයි.

මේ අතර හෙට සිට ජපානයට ඇතුලුවන පුද්ගලයන් සඳහා විශේෂ නිරෝධායන ක්‍රමවේදයක්ද හඳුන්වාදී තිබේ.

ඒ අනුව රටට පැමිණීමේදී සිදුකරන කොවිඩ් පරීක්ෂණය අවලංගු කර ඒ වෙනුවට ජපානයට පැමිණීමෙන් දින 03 ක් ගතවූ පසු පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්ය වනු ඇති.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 40 කට වැඩි සංඛ්‍යාවකට එය බලාත්මක වන බවයි වාර්ථ වන්නේ.

එමෙන්ම මේ දක්වා සෑම පුද්ගලයෙකුටම අනිවාර්ය වූ දින 14 ක නිරෝධායන වැඩපිළිවෙල වෙනුවට එක් එක් අයට වෙන වෙනම දින ගණනක නිරෝධායන ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා.

එහිදී දින 06 / 10 / 14 ලෙස නිරෝධායනය සඳහා යොමු කෙරෙන බවයි ජපාන වාර්තාවල දැක්වෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More