පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ, තුෂාන් ගුණවර්ධන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඉල්ලා අස්වීමේ ලිපිය එළඹෙන අඟහරුවාදා දිනයේ දී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබා දීමට නියමිතය.
දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී ගුණවර්ධන මහතා මේ වනවිට තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි කීය.
සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී ගුණවර්ධන මහතා මේ වනවිට තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි කීය.
සීනි පිටි උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් මෙසේ වංචා සහගත ලෙසින් පිට පාරේ යන බවත් මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තා පමනක් ඊට ඉහල තැනැත්තන් පවා ඊට සම්බන්ධ බවත් පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධව වැඩ තහනමට ලක්වන නිලධාරින් ජනතාවට අමතකව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
දේශපාලන පත්වීමක් වුවත් තමන් හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් සමහර දේශපාලඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් පළක් නැතැයි ද ඔහු කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...