ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණද එක් කොට පුළුල් සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ඉදිරිපත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය නොකරන බැවින්,ඔවුන්ද සන්ධානයට එක්කර ගැනීමේ අරමුණෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන දේශපාලන පක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂ නොවන බැවින් ඔවුන්ද මෙම සන්ධානයට එක් කරගත යුතුයැයි ශ්‍රීලනිප පාර්ශවයේ යෝජනාව වී ඇති බව වාර්තා වේ.
මේ අතර ,එක්සත් ජනතා නිදහස් සන්ධානය නව ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගෙනයා යුතු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති සන්ධානයේ විධායක සභා රැස්වීමේදී ද සාකච්ඡා වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...