දේශීය පුවත්

මාධ්‍යය වාර්තාවලට අනුව ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති සමාගමකට මෙරට යුගදනව් විදුලි බලාගාරයෙන් කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

අදාළ යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් පවසා සිටී.

කෙසේ වුවද අදාළ යෝජනාවට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරු විරෝධය පල කර ඇති බව කියවේ.

පළවන මාධ්‍යය වාර්තා වලට අනුව එම කැබිනට් පත්‍රිකාව එදින කැබිනට් මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොතිබූ බවත් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර අදාළ එය අමාත්‍යවරුන් අතට බෙදා දීමක් සිදු කර නැති බවත් කියවේ.

කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු මෙම කැබිනට් පත්‍රිකාවට විරුද්ධව කටයුතු කර ඇති බවද කියවේ.

අදාළ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව එක් පාර්ශවයක් වෙත පවරා දීම සිදුවෙන අතර බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් මෙසේ ඇමෙරිකානු සමාගමකට පවරා දීමෙන් ඩොලර් මිලියන 300ක ප්‍රමාණයක් මෙරටට හිමිවෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More