කිරි පිටි ආනයන සමාගම් සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් පසු දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් අවසර ලබාදී ඇති බව වාර්තාවේ.
කෙසේ වුවද මුදල් අමාත්‍යංශය හා කිරි පිටි ආනයන සමාගම් අතර පැවැති සාකච්ඡාවේදී කිරිපිටි ආනයනය කරණ සමාගම් ඉල්ලා ඇත්තේ ලෝක වෙළදපොලේ කිරිපිටි මිල ඉහළ යාම හා විනිමය අනුපාත ඉහල යාම හේතුවෙන් මෙරට කිරි පිටි කිලෝවක් රුපියල් 340 ක් ඉහල දැමිය යුතු බව වුවද ඇමතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වී ඇත්තේ කිරිපිටි කිලෝවකට රුපියල් 200කින් මිල ඉහල දැමීමටයි.
මේ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ලංකා ලීඩ් පාඨකයෙකු පවසා සිටියේ ගොවියාට වී කිලෝවකට රුපියල් පහක් වැඩිකිරීමට ඉඩ නොදෙන ආණ්ඩුව කිරිපිටි සමාගම් වලට කිරි පිටි කිලෝවකට රුපියල් 200කින් වැඩිකිරීමට එක පයින් කැමති වී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...