දේශීය පුවත්

කෙරවලපිටිය ‘යුගදනවි’ විදුලිබලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පවරමින් රජය ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතිය තුළින් රටේ සවෛරීත්වය සහ බලශක්ති සුරක්ෂිතතාව අනතුරකට පත් විය හැකි බව කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඊයේ (16) වෙනිදා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පවසා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ යුගදනවි බලාගාරයේ සියයට හතළිහක් පමණ කොටසක් නිව් පෝට්‍රස් නම් ඇමරිකානු සමාගමකට ලබා දීමට රජය ගිවිසුමක් ඇති කරන ඇති බවත් යුගදනවි බලාගාරයට අවශ්‍ය ගෑස් ලබාගැනීමට මුහුදේ ඉදිවන පාවෙන ගබඩාව හා ඉන් පිටතට ගෑස් ගෙන එන නල මාර්ගය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා එම අවශ්‍ය ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කර තිබියදීත් එම කොන්ත්‍රාත්තුව රජය විසින් ඇමරිකානු සමාගමකට ලබාදී ඇති අතර ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 250කටය.

තවද මෙම බලාගාරයෙන් දැනට මෙගාවොට් 300ක පමණ විදුලියක් නිපදවන අතර මෙගාවොට් 1900 පමණ විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ගෑස් ගබඩාවක් ඉදි කිරීම තුළින් මෙරට ඇති තවත් බලාගාර කිහිපයකටම ගෑස් ලබාදීමේ වැඩපිළිවෙළක් මෙම සමාගම සතුව තිබෙන අතර එලෙස බලාගාරයන් වෙත ගෑස් සැපයීම තුළින් රටට අවශ්‍ය විදුලියෙන් 50% ක පමණ විදුලිය නිෂ්පාදනය කිරීමේ ඒකාධිකාරී බලය එම ඇමරිකානු සමාගමට හිමි වන බවයි.

මෙම බලාගාරයේ සඳහා විදෙස් ආයෝජකයින් විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් ලබාදී ඇති අතර ඉන් එක් සමාගමක් වෙත අවසර දී තිබියදීත් රජය විසින් එය අහෝසි කොට ඇමරිකානු සමාගම වෙත කොන්ත්‍රාත්තු ලබාදීම තුළින් රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතුවන බවත් රට තුළ සියයට 50ක පමණ විදුලිය නිපදවීමේ ඒකාධිකාරී බලය ඇමෙරිකානු සමාගමට හිමි වීම තුලින් රටේ ස්වෛරීත්වය සහ බලශක්ති සුරක්ෂිතතාව අනතුරකට ලක්වන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More