දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර චෝදනාවන්ට අදාළ ලිපිගොනු භාරව සිටි ශ්‍රී ලංකා මහා බැංකු මූල්‍ය මණ්ඩල ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මහබැංකු අධිපති ලෙස ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් පත් වී දිනකට පසු ව වීම විශේෂත්වයකි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසට මහ බැංකු බඳුම්කර වංචාව ඉදිරිපත් වූ මොහොතේ සිට ජනාධිපති කොමිෂන් සභාව, වෝහාරික විගණනය දක්වා සියලු ම පරීක්ෂණ කටයුතු සඳහා වෘත්තීයමය වගකීම රැදී තිබුණේ, කේ.එම්.ඒ.එන්.දවුලගල යටතේ ය. බැඳුම්කර වංචාවට අදාළ ලිපි ගොනුවල සටහන් වෙනස් කිරීමට එයට සම්බන්ධ පුද්ගලයන් උත්සහ දැරූ අවස්ථාවේ දී එය වලක්වනු ලැබූවේ ද ඇය ය.

එමෙන්ම ඊ.ඒ.පී.එදිරිසිංහ මුල්‍ය සමාගමට අදාළ විගණනයේ ද මුලිකත්වය දැරූ ඇය, එහි දී බලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම් නො තකා ක්‍රියා කළ සුපිළිපන් නිලධාරිනියකි. අර්ජුන මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල්ට චෝදනා එල්ල වන අදාළ වෝහාරික විගනන වාර්තා පහක සියලු ලේඛන භාරකාරීත්වය පැවතියේ කේ.එම්.ඒ.එන්.දවුලගල භාරයේ වන අතර මෙම වංචාව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කළේ ද ඇයයි.

ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩල ලේකම් මෙලෙස හදිසියේ ම තනතුරෙන් පහකිරීම බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන්යෙන් සිදු කෙරෙන ඉදිරි පරීක්ෂණ කටයුතුවලට මහත් බලපෑමක් ඇතිකරනු ඇති බවටයි මැදහත් විශ්ලේෂකයින් අදහස් පළ කරන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More