පසුගියදා හිරු රූපවාහිනි නාලිකාවේ සලකුන වැඩසටහන්ට සහභාගිවෙමින් සමස්ත ලංකා ජමයතුල් උලමා සභාවේ රැස්වීමක සඬ පට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් හෙලිකිරීමත් සමගම මේ වනවිට මුස්ලිම් සමාජය තුල කැළඹීමක් ඇතිවී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ,සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එම හඬපට ලබාදුන් පුද්ගලයා අල්ලා දෙවියන්ම බලගනිත්වා යනුවෙනි.
කෙසේ වෙතත් ජූලි 7 රැස්වීම සමගම තවත් ආන්දෝලනාත්මක කරුණු ඇතුලත් රැස්වීම් රැසක හඬපට සහ වීඩියෝ දර්ශන ඥානසාර හිමියන්ට ලැබී ඇත්තේ සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව නියෝජනය කරණ ජේෂ්ඨයකු වෙතින්ම බවද බොදු බල සේනා සංවිධනයට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.
මේ අතර ස්වාධීන නිරීක්ෂක කණ්ඩායමක නියෝජිතයන් පිරිසක් ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඥානසාර හිමිගේ හෙළිදරව්ව පිළිබඳව මාධ්‍යය නිවේදන නිකුත් කළ සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව එම මාධ්‍ය නිවේදනය මගින් ඥනසාර හිමි ඉදිරිපත් කළ හඬ පට ප්‍රතික්ෂේප කිරීමක් නොකර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...