දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටීමේ තීරණයක සිටී නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රිවරු දහසය දෙනා එක්වී ශ්‍රී ල.නි.පයේ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පැවැසීය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තේරීමේදී ජාතික ආණ්ඩුවේ සම්මුතීන් අමු අමුවේ කඩා දැමූ යූ.ඇන්.පී.ය සමඟ තවදුරටත් ආණ්ඩු කිරීමේ හැකියාවක් තිබේද යන්න ශ්‍රී ල.නි.පයේ ඉතුරු වී සිටින 23 දෙනාගෙන් තමා අසන බවද හෙතෙම පැවැසීය.

මෙසේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ල.නි.ප.ය ඉවත් නොවී රැඳී සිටීමට තීරණය කර ඇත්නම් එය සිහි බුද්ධියෙන් ගත් තීන්දුවක්ද කියා ගැටලුවක් පැනනඟින බවද පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල.නි.ප මධ්‍යමකාරක සභාවේදීද ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර ඇතැයිද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලනිප සමස්ත ලංකා කාරක සභාවේදී වැඩිපුරම අත්පොළොසන් සහ ප්‍රතිචාර ලැබුණේ පක්ෂ නායකවරයා ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමේදී බවද මන්ත්‍රිවරයා සිහිපත් කළේය.

පාක්ෂිකයන්ගේ ප්‍රතිචාරවලට පිටුපා ජනතාවාදී නොවන තීන්දුවකට යෑමට ශ්‍රී ල.නි.ප.ය ක්‍රියාත්මක වන්නේ නම් ඒ ගැන තවත් වරක් සිතා බැලිය යුතු යැයිද ඔහු පැවැසුවේය.

මේ තරම් දුර පක්ෂයේ රැඳෙමින් හෘද සාක්ෂියට අනුව කටයුතු කළ නොහැකි තැන එළියට පැමිණි දහසයේ කණ්ඩායමේ ස්ථාවරය වන්නේ ශ්‍රී ල.නි.ප.ය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සිදුවිය යුතුම බවය. නැතිනම් ශ්‍රී ල.නි.ප.යේ අවසානයත් එයම විය හැකි බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More