දේශීය පුවත්

කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් අතර කළු දිලීරය ලෙස හැඳින්වෙන් මියුකොමයිසීස් දිලීර රෝගයට අමතරව, කොවිඩ් ආසාදිත රෝගීන් පෙළන වෙනත් දලීර වර්ග දෙකක් රෝගීන් අතරින් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

ඇස්පර්ගිලෝසිස් (Aspergillosis ) සහ කැන්ඩිඩියාසිස් (Candidiasis) යන දිලීරවලින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් ආසාදනය විය හැකි බව එම විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ වනවිට කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් අතරින් කළු දිලීරය ආසාදිත රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගෙන තිබේ.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ ක්ෂුද්‍ර විද්‍යාඥ වෛද්‍ය ප්‍රීමාලි ජයසේකර ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් අතර ඉහත දිලීර රෝග දෙක සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති බවය. මෙම සංසිද්ධිය වෙනත් රටවල ද නිරීක්ෂණය වී ඇති බවය.

“ඇස්පර්ගිලෝසිස් දිලීරයට පෙනහළු වලට බලපෑම් කර නියුමෝනියාව ඇති කළ හැකියි. කැන්ඩිඩා දිලීරයට රුධිර ප්‍රවාහ ආසාදන කළ හැකි අතර බහු අවයව වලට හානි කළ හැකියි”,

යනුවෙන් ඇය පැවසා සිටි අතර නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මෙම රෝග ජීවිතයට තර්ජනයක් විය හැකි බව ද ඇය සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More