දේශීය පුවත්

රනිල්ට වාරණයක්!

September 17, 2021 11:52 am | Lanka Lead News

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 21 දෙනෙකු නෙරපා හැරීම හේතුවෙන් මතුවන පුරප්පාඩුවලට වෙනත් අය නම් කිරීම වළක්වාලමින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඊයේ (සැප්. 15) වාරණ නියෝගයක් නිකුත් කළේය.

පළාත් පාලන ආයතන කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව සැප්තැම්බර් 29 වන දා තෙක් බලපැවැත්වෙන පරිදි විනිසුරුවරයා මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර යන අය මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර ඉදිරි දින මෙම වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට ද විනිසුරුවරයා අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ එෆ්. කාසිම් හා ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඉකුත් මැතිවරණවලදී සමගි ජන බලවේගයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයින්ගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇතැයි පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

සාමාජිකයින් පක්ෂයෙන් නෙරපීමට පෙර ඔවුන්ට සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට පක්ෂය මේ වන තෙක් ක්‍රියාකර නොමැති බවත් ඒ අනුව පක්ෂය ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් කර ඇති බව ද ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ පැවසූහ.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභිකයින් ලෙස කටයුතු කළ මංජුල වසන්ත, පී.එච්. ලියනගේ, කොළඹ නගර සභාවේ සභික ගමාච්චිගේ විජේදාස ඇතුළු විවිධ පළාත් පාලන ආයතන නියෝජනය කළ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු විසින් මෙම පැමිණිලි කොළඹ දිසා අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More