දේශීය පුවත්

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක අටවා තිබුණු අත්බෝම්බය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු මෙම අත් බෝම්බය තමාට ලැබුණු ආකාරය පිළිබඳව විමර්ශන නිලධාරීන්ට තොරතුරු හෙළි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි රජයේ ප්‍රභූන් පදිංචි වන රජයේ නිල නිවාසයක තිබී මීට මාස තුනකට පෙර තමාට මෙම බෝම්බය හමු වූ බවය.

කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු තවදුරටත් මේ පිළිබඳව කරුණු අනාවරණය කරමින් පවසා ඇත්තේ තමන් එම නිවසේ අලුත්වැඩියා කටයුත්තට එම කාලය තුළ සම්බන්ධ වූ අතර එම වැඩ කරමින් සිටියදී එය හමුවූ බවය.

ඒ අනුව විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඒ තැනට ගොස් ඇති අතර මේ වනවිට එම නිවසේ රජයේ කැබිනට් අමාත්‍යවරයකු පදිංචිව සිටින බව අනාවරණය කරගෙන තිබේ.

කෙසේ වුවද සැකකරු පවසන ආකාරයට එම අත්බෝම්බය හමුව ඇත්තේ එම ඇමතිවරයා පදිංචි වීමට පෙරය.

එම නිවසේ කාමරයක මේස ලාච්චුවක තිබී එය හමුවූ බව සැකකරු අනාවරණය කර තිබේ.

මේ වනවිටත් මෙම සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින අතර එය රෝහලට කවර අරමුණකින් ගෙනාවේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන පැවත්වෙන බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More