ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අද වන විට ලංකා විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.
එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තත්වය ඇතිව තිබෙන්නේ විදුලි පාරිභෝගිකයන් විදුලි බිල් ගෙවීම දිගින් දිගටම පැහැර හැරීම හේතුවෙන් බවත් බිල් ගෙවීමට පාරිභෝගිකයන් උනන්දු කිරීම සඳහා මේ වනවිට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්ය.
‘තවත් මාසයක් මේ විදියට ගියොත් අපි අමාරුවේ වැටෙනවා. දැනට විදුලි බිල් විතරක් රුපියල් බිලියන 44ක් පමණ අය වීමට තිබෙනවා.දැනට අපි ඒවට පොළිය එකතු කරන්නේ නෑ. විදුලි බිල ගෙවන්න පුළුවන් අයත් බිල් ගෙවන්නේ නෑ. ඒකයි ගැටලුව. ඒ නිසා අපි ඉල්ලන්නේ විදුලි බිල් ගෙවන්න කියලයි’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...