දේශීය පුවත්

හිරු රූපවාහිනි නාලිකාවේ සලකුණ වැඩ සටහනට සහභාගි වෙමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් වැදගත් මෙන්ම බැරෑරුම් හෙලිදරව්වක් කළ බව අද(16) කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමානන් පැවසූහ.

එහිදී පියතුමානන් වැඩිදුරටත් පවසා සිටියේ පාස්කු ප්‍රහාරය වගේම තවත් අන්තවාදී ප්‍රහාරයක් මෑතකදී එල්ල වීමට හැකියාවක් තිබෙන බවත් ඕනෑම අවස්ථාවක පුපුරවා හැරීම සඳහා ආයුධ සූදානම් කර ඇති බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූ බවයි.

මේ පිළිබඳ සාක්ෂි උන්වහන්සේ සතුව තිබෙන බවත් ඒවා ඔප්පු කිරීමට හැකියාව ඇති බවත් උන්වහන්සේ පැවසූ බවත් සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළහ.

එහිදී සිරිල් ගාමිණී පියතුමාණන් විශේෂයෙන් සඳහන් කර සිටියේ ඥානසාර හිමියන් උන්වහන්සේ දන්නා සියළු කාරණා මේ වන විටත් ජනාධිපති තුමාව දැනුවත් කිරීමට කටයුතු කළ බව  එම වැඩසටහනේදී ඥානසාර හිමි හෙලිදරව් කළ බවය. ඒ අනුව සිරිල් ගාමිණී පියතුමාණන් මාධ්‍යය සාකච්ඡාවේදී ප්‍රශ්න කර සිටියේ ඥානසාර හිමි ජනාධිපති තුමා දැනුවත් කළාය යන ප්‍රකාශය සත්‍යයක් නම් එම පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ ගෙන ඇති පියවර කුමක්ද යන්නයි.

ගියවර පාස්කු ප්‍රහාරය එල්ල වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගතව සිටි මොහොතක බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා විදෙස්ගත වීමට නියමිත බවත් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කඩිනම් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව සිරිල් ගාමිණී පියතුමාණන් අවධාරණය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More