ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් සංවිධානය කරන මාධ්‍යහමුක් අද (16) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.
ඊට එක්වෙමින් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා සිටියේ රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි.
තවද එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයි ද පෙන්වා දුන් ජයනාත් කොළඹගේ මහතා, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විසඳුම් ඇති බව අවධාරණය කර සිටියේය.
“ජීනිවා චෝදනා, එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය” යන තේමාව යටතේ විදේශ ලේකම් වරයා අදහස් දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටී.
අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීම, එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත මර්ධන පනත සංශෝධනය වැනි කරුණු පිළිබඳ රජයේ වගවීම මෙවර මානව හිමිකම් සමුළුවේදී මානව හිමිකම් කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්වූ බවද විදේශ ලේකම්වරයා පවසා සිටි බව එම නිවේදනය මගින් කියවේ.
සම්පූර්ණ නිවේදනය පහතින්…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...