දේශීය පුවත්

අනුරාධපුරය සහ වැලිකඩ බන්ධනාගාරය තුළ මෑතකදී සිදු වූ සිද්ධීන් හේතුවෙන් ඊයේ දිනයේදී (15) ඉල්ලා අස් වූ, හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට විරුද්ධව පැමිණිල්ලක් ලැබුණහොත්, ඔහුට එරෙහිව පියවර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සූදානම් බව කියා සිටී.

The Morning පුවත්පත වෙත අදහස් දක්වමින් මේ බව කියා සිට ඇත්තේ, මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් (විශ්රාමික) සරත් වීරසේකර මහතායි. එමෙන්ම බන්ධනාගාර සංකීර්ණ තුළ ආයුධ භාවිතා කිරීමට එරෙහිව පියවර ගැනීමට හැකියාවක් පවතින බවද ඔහු විසින් කියා ඇත.

එමෙන්ම ඒ පිළිබඳව වැඩි දුර අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ,
“මම හිතන්නේ ඔහු පාවිච්චි කළ තුවක්කුව බලපත්‍රලාභී ගිනි අවියක්. කෙසේ වෙතත්, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් යමෙකු පැමිණිලි කළහොත් නීතියට අනුව අපට එයට එරෙහිව පියවර ගැනීමට හැකි වනු ඇත. ”

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් , ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ, ලොහාන් රත්වත්තේ විසින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයේදී සිදුවූ තමා සම්බන්ධ සිද්ධීන්හි වගකීම බාරගෙන ඇති බව හා ඒ හේතුවෙන් ඔහු බන්ධනාගාර කළමනාකර හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

නමුත් ඔහු තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරම . බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමට පෙර සිටිම ඔහු විසින් එම තනතුරේ රාජකාරි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More