පාස්කු ප්‍රහාරයට පෙර කතෝලික ජනතාවට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි තමන් වහන්සේ කාදිනල් හිමියන් හට 2017 වසරේදී දැනුම් දුන් බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.
මීගමුව, හලාවත වැනි ප්‍රදේශවල වාතාවරණය වෙනස් වෙමින් බව නිරීක්ෂණය වූ බවත් මීගමුවේ පෙරියමුල්ලේ පමණක් නයිජීරියානු, ඇෆ්ගනිස්තාන, සෝමාලියානු ජාතිකයන් එක්දහස් ගණනක් වැනි විශාල පිරිසක් ස්ථානගතව සිටීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව දැනුවත් කළ බවත් උන්වහන්සේ පැවසූහ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනී සේවය සමඟ පැවැති සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනි. එම අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පෑලියගොඩ සිට හලාවත දක්වා මීසම්වල පියතුමන්ලා මුණගස්වන ලෙසට තමන් වහන්සේ කාදිනල් හිමියන්ගෙන් ඉල්ලා සිටි බවත් ඔවුන්ට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත යැයි ඒ අවස්ථාවේදී දැනුම් දුන් බවත් ප්‍රකාශ කළහ. එම අවස්ථාවේදී කාදිනල් හිමියන්ගේ පිළිතුර වූයේ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත්ව සිටින අතර ඊට පිළියම ලෙස ඌරු කොටු වැඩිපුර හදන්නේ යැයි කී බවත් ප්‍රකාශ කළහ. දෙයක් වූ පසු හැසිරෙන ආකාරය නොව වැදගත් වන්නේ දෙයක් වීමට පෙර හැසිරෙන ආකාරය බව පැවසූ උන්වහන්සේ නායකත්වය, වීරත්වය යනු දෙයක් වූ පසු හොටු පෙරාගෙන හැඬීම නොව අවාසනාවන්ත දේ සිදුවීමට පෙර සීරුවෙන් සිට සමාජය ඊට එරෙහිව පෙළ ගැස්වීම බවත් පැවසූහ. ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සඳහා ශක්තිමත් නායකත්වයක් සහ වැඩපිළිවෙළක් වර්තමානයේ ක්‍රියාත්මක බව පැවසූ උන්වහන්සේ ඊට බාධා නොකරන ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...