කෝටි දෙකකට වැඩි ජනගහනයක් සිටින ලොව රටවල් 60ක් අතුරින් පූර්ණ එන්නත්කරණයට ලක් කළ රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට ජනගහනයෙන් සියයට 50ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති ශ්‍රී ලංකාව මෙම ලයිස්තුවේ දස වැනි ස්ථානයට පත්ව සිටින අතර ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටිනුයේ ස්පාඤ්ඤය, කැනඩාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය, මැලේසියාව සහ ජපානය යන රටවල් පමණි.
එම රටවල් 9න් 7ක්ම ලොව විශාලතම ආර්ථිකයන් සහිත ජී-7ට අයත් රටවල් වේ. ඒ අතරිනුත් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව සහ ජපානය යන රටවල් පහ ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන රටවල් වේ. ස්පාඤ්ඤය 74%, කැනඩාව 69%, එක්සත් රාජධානිය 66%, ඉතාලිය 63%, ප්‍රංශය 62%, ජර්මනිය 62%, ඇමෙරිකා එක්සත් ජනපදය 54%, මැලේසියාව 53% සහ ජපානය 51% ලෙස එන්නත් සම්පූර්ණ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...