දේශීය පුවත්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙම වසරේ (2021) පළමු මාස හය තුළ සමස්ත තොග භාණ්ඩ හැසිරවීම පරිමාව පසුගිය වසරේ එම කාලයට සාපේක්‍ෂව සියයට 186 කින් වර්ධනය කරගෙන ඇතැයි හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය වසරේ (2020) ජුනි මස අවසානය වන විට සමස්ත භාණ්ඩ හැසිරවීමේ පරිමාව මෙට්‍රික්ටොන් 420,421 ක් වූ බවත් එය වර්තමානය වන විට මෙට්‍රික්ටොන් 1,206,425 දක්වා කැපී පෙණෙන ලෙස ඉහළට ගෙන ඒමට හැකියාව ලැබී ඇතැයි තිස්ස වික්‍රමසිංහ මහතා කීය.

හම්බන්තොට වරාය ද ඇතුළත් ‘සීඑම්පෝට්’ සමාගම (මව් සමාගම) සතු වරායන් සම්මත අඩි 20 බහාලුම් මිලියන 66.57 සංඛ්‍යාවක් හසුරුවා ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 21.3 ඉහළ යෑමක් බව කී තිස්ස වික්‍රමසිංහ මහතා ‘සීඑම්පෝට්’ සමාගමේ වරායන් හසුරුවා ඇති තොග භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික්ටොන් මිලියන 284 ක් යැයි ද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More