එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි එම සන්ධානයේ අවධානය යොමු වී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ දී ඉදිරිපත් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් මෙන්ම එය බුලක් කොළය ලකුණ යටතේම නව මුහුණුවරකින් ගොඩනැගීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර කිහිපයකට පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ ඊයේ (15) රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එම සන්ධානය නියෝජනය කළ ඉකුත් දා අභාවප්‍රාප්ත වූ නායකයන් වන ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමන්, හිටපු අමාත්‍ය මංගල සමරවීර සහ දේශවිමුක්ති ජනතා පක්ෂයේ හිටපු නායක පී.එම් පොඩි අප්පුහාමි යන මහත්වරුන් සිහිපත් කිරීම ද රැස්වීම ආරම්භයේ දී සිදුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...