පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී රාජ්‍ය අමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා බියවැද්දීම සම්බන්ධයෙන්මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ,කිසිවෙකු හෝ සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කර ඇත්නම් ඔහු දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළ ම නතර කිරීම සුදුසු බවයි.
මෙවන් කටයුතු මහජන නියෝජිතයකුට උචිත නොවන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කරන වෙලාවක මෙවන් සිදුවීම් සිදුවීම ඉතාම නුසුදුසු දෙයක් බවත් අමරවීර මහතා පැවසුවේය.
ජනාධිපති තුමා සහ අග්‍රාමාත්‍යය තුමා සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගනු ඇති බවද අමාත්‍යයවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...