මුහුණු පොතෙන්

රාජ්‍ය ඇමති කෙනෙක් තවත් පිස්සුවක් නටලා.දැන් සර්ගේ මැති ඇමතිලා පිස්සු නටන එක සාමාන්‍ය දෙයක් වෙලා.දවසකට ඔය වගේ News දෙක තුනක් එනවා.මේ බූරු පුතා ඉස්සෙල්ලාම පැනලා තියෙන්නේ වැලිකඩ බන්ධනාගාරයට.ඊට පස්සේ අනුරාධපුර බන්ධනාගාරයට.එහේ ගිහින් තියෙන්නේ හෙළිකොප්ටරයකින්ලු.සමහරු නං කියන්නේ ඩෝප් Seen එකක් කියලා.එහෙම කියලා බේරෙන්න බෑ.මේකා වගකිවයුතු ඇමති කෙනෙක්.අනික මෙතන වැරදි ගොඩක් සිද්ධවෙලා තියනවා.

එකක් අයුතු ඇතුල්වීම.අනික බීමතින් ඇතුළුවිම.ආයුධ සහිතව ඇතුළ්වීම. බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කිරීම. සිරකරුවන් Shell වලින් අනවසරයෙන් එළියට ගැනීම,එයාලට වද හිංසා කිරීමේ.නීතිය කඩ කිරීම,මේ ඔක්කොම නීතියට අනුව බරපතල වැරදි.රැදවියන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතීන්ටත් පටහැනී.ඇත්තටම මෙයා අත්තඩංගුවට අරන් රිමාන්ඩ් කරන්න ඕනි. දේශපාලන වශයෙන් හිතුවොත් රාජ්‍ය ඇමතිකම වහාම අයින් කරන්න ඕනි.සාමාන්‍ය බාසාවෙන් කියනවා නං කනට ගහලා ගෙදර එලවන්න ඕනි.ඒ තරම් ලොකු බලු වැඩක් මිනිහා කළේ.ඒක නිසා රටේ රාළ අද ලිපිය පටන් ගන්නෙම මොකා උනත් මේකාට පොල් බූරුවා කියලා අමතලා.ඇත්තටම කවුද මේ පොල් බූරුවා?දැන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කිසිකෙනෙක් ඒ ගැන කට හොල්ලන්නේ නෑ.නිහඩ කරලා.බය කරලා නිහඩ කරලා.එහෙම සිද්ධියක් ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක දන්නෙවත් නෑලු.මොකටද අනේ ඔය කාකි ෂුට්.පව් ඒ මිනිස්සු.

ඒක නිසා රටේ රාළගේ වගකීමක් තමයි මැන් කවුද කියලා හොයලා රටට කියන එක. සාමාන්‍යයෙන් රටේ රාළ ඔය වගේ අභියෝග බාර ගන්නවා.අපේ රටේ බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන්.බන්ධනාගාර වගකීම දරන්න ප්‍රායෝගිකව කැබිනට් ඇමති කෙනෙක් පත් කරලා නෑ.ඒ විෂය සම්පූර්ණයෙන් ගැසට් කරලා තියෙන්නේ ලොහාන්ට.ඒක නිසා ලොහාන්ට නොකියා ඔය වගේ අයුතු ඇතුළුවීමක් කරනවා නං කරන්න පුළුවන් ජනාධිපතිට,අගමැතිට,බැසිල්ට වගේ අයට. ආ…නාමල්ටත් පුළුවන්.කොච්චර දේශපාලන විවේචන තිබුණත් රාජපක්ෂලා ඒ වගේ පහත් තැනට නං වැටෙන්නේ නෑ.ඒක නිසා ආපු එකා මොකාද කියලා ලොහාන් දන්නවා.ලොහාන් කට පියාගෙන ඉන්නවා නං ඒ වෙන කවුරුත් නෙවෙයි ලොහාන්.සාමානයෙන් රටේ රාළගේ උපකල්පන ලේසියෙන් වරදින්නේ නෑ.හරි දැන් Man කවුද කියලා පැහැදිලියි.හැබැයි ඉතින් දැන් කාටද මේ අවනඩුව කියන්නේ.කියන්න තියෙන්නේ ඉතින් ජනාධිපති ගෝඨාභයටම තමයි.හැබැයි අද රටේ රාළ මේ කතාව ගෝඨාභයට කියන්නේ මේ රටේ ජනාධිපති විදිහට සළකලා නෙවෙයි.මේ හරක් රංචුවේ අයිතිකාරයා විදිහට සළකලා.

මොකද හරකෙක් ගෙට පැන්නම අපි හරකා එලවලා දාලා අයිතිකාරයට කියනවා හරකා බැදලා දාපන් කියලා.නැත්නම් බල්ලෙක් අපේ කකුල හැපුවොත් අපි බල්ලගේ කකුල හපන්න යන්න නෑ.බල්ලට ගහලා එලවලා අයිතිකාරයට කියනවා බල්ලා බැදගනින් කියලා.දඩාවතේ යන එකෙක් නං ඒකට වෙන බෙහෙතක් තියනවා.ඉස්සර නං බලු වෑන් එක කියලා එකක් ආවා.දැන් ඒකත් නෑ.දැන් කරන්න බල්ලියන්ට වඳ සැත්කම් කරන එක. සමහර බල්ලෝ දඩාවතේ ගියාට අයිතිකාරයෙක් ඉන්නවා.මේත් ඒ වගේ අවස්ථාවක්.ඒක නිසා රටේ රාළ තීරණය කළා අවසන් වතාවටත් අයිතිකාරයාට කියන්න. ඇත්තටම මෙතන බරපතල ප්‍රශ්න කීපයක් තියනවා.මේ දවස්වල ජිනීවා මානව හිමිකම් සමුළුවේ අපට එල්ලවන එක ප්‍රධාන චෝදනාවක් තමයි රජය යටතේ රදවාගෙන ඉන්න රැදවියන්නට අසීමිත ලෙස වද හිංසා කරනවා කියන එක.මේ පාර මානව හිමිකම් කොමසාරිස්ගේ කතාවෙන් ඒක පැහැදිලියි. මෙතනදී රටේ රාළ අපේ රටේ බන්ධනාගාර ඇතුළේ වෙච්චි සිද්ධි ගැන කතාකරන්න යන්නේ නෑ.ඒවා මේ රටේ කිරි සප්පයෝත් දන්නවා.හැබැයි මානව හිමිකම් කොමසාරිස් කරන ඒ චෝදනාවට මේ හාදයා සාක්කියක් නෙවෙයිද මේ දෙන්නේ?ඉතින් රටේ රාළ මේකාට පොල් බූරුවා කියන එක වැරදිද?

දැනටමත් මේ News එක ජාත්‍යන්තරට ගිහිල්ලා ඉවරයි.මේ ආණ්ඩුව විපක්ෂයටයි. NGO කාරයින්ටයි බනිනවා රට සම්බන්ධව වැරදි තොරතුරු ජාත්‍යන්තරයට දෙනවා කියලා.දැන් ඉතින් පැහැදිලියි නේද දෙන්නේ කවුද කියලා.එයාලත් දෙනවා ඇති.රටේ රාළ ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ.එතන අර හොඳටම පිපිච්චි මලත් හිටියලු.ගෑනුකෙනෙක් නිසා නම කියන්නේ නෑ.එක්කෝ මේ හෝටලයකට යන්න තිබුණ ගමනක් වැරදිලා බන්ධනාගාරයට ඇවිල්ලා.සමහරවිට වෙරි මතට වෙන්න ඇති.අනික තමයි අපේ රටේ නීතිය මේ යකා බලු බල්ලටම දැම්මා.නීති පොත ඉරලා දාලා.කෑලි උඩ පැහැරුවා.එක රටක් – එක නීතියක් කියන සංකල්පයය ඉස්සෙල්ලම කැඩුවේ සර්.අනික් උන් ඒවා කඩනකොට බලා හිටියෙත් සර්.දැන් සර්ගේ ගෝලයෝ හූ කිය කියා ඒවා කඩනවා.මේ යකා බන්ධනාගාරය ඇතුළේ ඉදින් යම රජ්ජුරුවෝ වගේ හිරකාරයෝ එළියට අරන් නඩුත් අහලා. බලනකොට මේ රටට අධිකරණයක් වැඩක් නෑ.මේකාට නඩු අහන්න බාර දුන්නා නම් ඉවරයි.Kandy කැකිල්ලේ කියලා නමකුත් දාන්න පුළුවන්.

හිරේ ඇතුළට ගිහින් ඉන්න කට්ටියගේ නඩු ටික ඉවර කරලා.එළියේ නඩුත් අහන්න කියමු.මේ පිස්සු පූසා කරපු වැඩෙන් රටේ නීතියට,අධිකරණයට උනේ බරපතල අපහාසයක්.ඒ වගේම මේ වැඩෙන් අවනීතියට රාජ්‍ය බලයක් ආරෝපනය වෙනවා.මේක හරියට අර වෂීම් තාජුදීන්ට,ලසන්ත වික්‍රමතුංගට,ප්‍රදීප් එක්නැලිගොඩට,ලලිත්ලට, කූගන්ලට කැලෑ නීතිය යටතේ දුන්න තීන්දු ආයෙත් බලාත්මක කරනවා වගේ වැඩක්. ඇත්තටම එතනදී ඔය වැඩේට එක රැදවියෙක් හරි විරුද්ධ උනානම් මොකද වෙන්නේ. එහෙනම් සමහරවිට හිරෙන් පැනලා යන්න හදපු අංක එකේ අපරාධකාරයෙක් විදිහට ඒකා මරලත් දාලා.ඊළඟට රටේ රාළ කියන්න ඕනි මේ යක්කු මේ දනගස්සන්නේ හිර කාරයෝ විතරක් නෙවෙයි.මේ රෙදි ගලවන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ විතරයක් නෙවෙයි.මෙතන ලොකුවටම දන ගස්සලා තියෙන්නේ සර්ව.රෙදි ගලවලා තියෙන්නේ සර්ගේ.මේ සිද්ධිවලින් අපේ රටේ ජනතාව ජනාධිපති ගැන තව තවත් මැන ගන්නවා.ඒ තමයි මේ වගේ අයුතු වැඩ දැන දැනත් ඒවට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගන්න ජනාධිපතිට කොන්ද පණ නෑ කියලා.ඉතින් ඒක තරම් ගෝඨාභයට කරන්න පුළුවන් තවත් Damage එකක් තියනවාද?

මේ රටේ ජනතාව දැන් බලා ඉන්නේ ජනාධිපති මේ නරුම වැඩේට ගන්න Action එක මොකද්ද කියලා.අඩුම ගානේ ඇමතිකමෙන් අයින් කරලා අත්තඩංගුවට ගන්න ඕනි. අත්තඩංගුවට අරන් ඇමතිකමෙන් අයින් කළත් කමක් නෑ.ඔයාලා දිගටම රටේ රාළගේ ලිපි කියවපු අය.ඒත් රටේ රාළ මෙච්චර පහලට දාලා කාටවත් ගැහුවේ නැ.හැබැයි මේකට එහෙම නොගහා බෑ.මෙතන කිසි අපහාසයක් නෑ.අමුම අමු ඇත්ත ටිකක් සැරෙන් කියනවා විතරයි.ඒත් වරදක් උනානම් සමාව ඉල්ලනවා.හැබැයි සමාව ඉල්ලන්නේ චූදිතයන්ගෙන් හෙම නෙවෙයි ඔයාලගෙන්. බලමු සර් මොකද්ද කරන්නේ කියලා.වැඩේ කරනවා නම් Wish you all the best Sir.

එහෙනම් ගිහින් එන්නම්.බුදු සරණයි. ජයවේවා.

මීට
රටේ රාළ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More