දේශීය පුවත්

පසුගියදා රටේ ඇති කරන ලද කෘතිම කිරපිිටි හිඟය මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් රජයත් ජනතාවත් අපහසුතාවයට පත් කර තම ලාභය අසාධාරණ ලෙස වැඩිකරගනීමට ගත් උත්සාහයක් බවත්, ඊට පිළියම් යෙදීම සදහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලය පැවරූ බවත් සිහිපත් කරමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ(PNF) විසින් ඊට අදාලව ගත් ක්‍රියාමාර්ග පිළිබදව මුදල් අමාත්‍යවරයාගෙන් යළි විමසීමක් කර තිබේ. 2021.08.10 දිනැති කැබිනට් තීරණය මගින් මුදල් අමාත්‍යවරයා වෙත ලැබුණු බලය භාවිතා කරමින් ඔහු විසින් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ(PNF) මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකේය ජනතාව දැනුවත් කරන මෙන් එම ලිපිය මගින් ඉල්ලා ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

PNF/MISC/2021/0005

ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා

මුදල් අමාත්‍යාංශය

මහලේකම් කාර්යාලය

කොළඹ 01.

ගරු අමාත්‍යතුමනි,

ආනයනික කිරිපිටි සදහා බදු සහන ලබාදීමේ තීරණය පිළිබදවයි

මීට ඉහත ඔබ වෙත 11.08.2021 දාතමින් PNF/MISC/2021/0004 අංක යටතේ යොමු කළ ලිපියට කිසිදු පිළිතුරක් මේ දක්වා නොලැබුණු බැවින් නැවතත් මේ පිළිබඳව ඔබගේ ඉක්මන් අවධානය යොමු කරන අතරම, 2021.08.10 දිනැති කැබිනට් තීරණය ප්‍රකාරව ඔබ වෙත ලැබුණු බලය භාවිතා කරමින් එම ලිපියෙන් අප ඔබගේ අවධානයට යොමු කළ කරුණු පිළිබඳව ඔබ විසින් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අප සංගමය මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකේය ජනතාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

කිරිපිටි හිඟය යනු කෘතිමව ඇති කරන ලද්දක් බවත්, එහි අරමුණ වී ඇත්තේ රටට පාඩු සිදු කරමින් සමාගම් සිය ලාභය වැඩිකර ගැනීම බවත්, මේ කාරණය හේතුවෙන් රජය සහ අමාත්‍ය මණ්ඩලය අපකීර්තියට පත්වන බවත්, දැනටමත් මෙය “තවත් ගණුදෙනුවක්” ලෙස අර්ථකථනය කරමින් ජනාධිපතිතුමන් ඇතුළු රජය අපකීර්තියට පත්වන සමාජ කථිකාවක් ඇරඹී ඇති බවත් අවධාරණය කරන අතර ඒ තත්ත්වය ඇතිවීමට බලපා ඇති කරුණු කෙරේ “වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ” ලෙස අප මීට ඉහත ඔබ වෙත 11.08.2021 දාතමින් PNF/MISC/2021/0004 අංක යටතේ යොමු කළ ලිපියෙන් ඔබතුමන්ගේ අවධානය යොමු කළෙමු.

2021.08.10 දිනැති කැබිනට් තීරණය ප්‍රකාරව ඔබතුමන් හට ලැබුණු බලය භාවිතා කිරීමේදී අප ඔබගේ අවධානයට යොමු කළ කරුණු ඉතා හොඳින් විමසා බලා එම බලය භාවිතා කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින අතර, මින් ඉදිරියට අතිගරු ජනාධිපතිතුමාත් රජයත් අපහසුතාවයටත් අපකීර්තියටත් පත් කරන මෙවැනි කූඨ උත්සාහයන් සම්බන්ධයෙන් නිරතුරු අවධියෙන් සිටිය යුතු බවටත්, අදාල පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් මෙන්ම එවැනි පුද්ගලයන් හෝ සමාගම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුුතු බවටත් අපි නැවතත් අවධාරණය කරන්නෙමු.

ඔබගේ අවධානය පිණිස අප විසින් පෙර ඔබ වෙත යොමු කළ ලිපියද මේ සමග නැවත යොමු කර සිටිමු.

මෙයට විශ්වාසී,

ඉංජිනේරු කපිල රේණුක පෙරේරා

ප්‍රධාන ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More