දේශීය පුවත්

මෙරටට පැමිණෙන සියලු  සංචාරකයින් රැදී සිටින්නේ සෞඛ්‍යය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ යැයි  අවධාරණය කරන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් හා ඉන්දියන් සංචාරකයින් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය කරන චෝදනා පදනම් විරහිත බව පවසයි.

මෙරටට පැමිණෙන සංචාරකයින් කටුනායක ගුවන්තොටුපොළේ දී  සංචාරක මණ්ඩලයේ ඒජන්තවරුන් රැගෙන යන බවටත් ,පී.සී.ආර් පරීක්ෂණ හෝ නිරෝධායන කටයුතු අධීක්ෂණය කවුරුන් කරන්නේ දැයි පැහැදිලි නොමැති බවටත්  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් සංචාරක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව මෙරට සංචාරක කර්මාන්තය යළි ආරම්භ වූ අතර ඉන්දියන්  සංචාරකයින් මෙරටට පැමිනීම සම්බන්ධයෙන් මුල් කාලයේදී සීමා පනවා තිබිණි. පසුව එම සීමා ඉවත් කළේ ද  සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුවයි.

ඉන්දීය සංචාරකයින් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්ද යන්න සම්බන්ධයෙන්  වීසා ලබා ගැනීමට පෙර සිටම පරීක්ෂාවට ලක්වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා,පූර්ණ එන්නත්කරණයට ලක් නොවු ඉන්දීය සන්චාරකයන්ට වීසා ලබා නොදෙන බවද ඇමතිවරයා කියයි. එන්නත ලබා සිටියද සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර  පී.සී.ආර් පරීක්ෂණයක් මගින් කොවිඩ්‍ වැලදී නොමැති බව තහවුරු විය යුතුය. එසේම මෙරටට පැමිණි වහාම සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය මඟින් ද එය නැවත තහවුරු කරගනු ලැබේ.

ඉන්දීය සංචාරකයින් ඇතුළු මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් රැඳි සිටින හෝටල් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනු ලබන හෝටල් වන අතර අදාළ හෝටල් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් උපදෙස් මත සිදුවන මෙම ක්‍රියාවලිය  සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොදැනුවත් නම් පළමුව අදාල සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඒ පිලිබද විමසීම සුදුසු බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

එසේම ඩෙල්ටා ප්‍රභේදය මෙරටට පැමිණියේ සංචාරක කර්මාන්තය හරහා යැයි විවිධ පාර්ශ්වයන් ප්‍රකාශ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

නමුත් ඩෙල්ටා  ප්‍රභේදය  ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයකු හරහා එය පැතිර ගිය බව සෞඛ්‍ය අංශ පවසා  තිබිණි.

මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් 40,000පමණ පිරිසගෙන්  සංචාරකයින් 270ක් කොරෝනා  ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

සංචාරකයින් හරහා වසංගතය රටතුළ පැතිර ගිය බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිත බව එයින් පැහැදිලිව දක්නට තිබියදිත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා කරන ප්‍රකාශ හේතුවෙන් ජනතාව නොමඟ යා හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා අදාල චෝදනා සම්පූර්නයෙන්ම ප්‍රතික්ශේප කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

– ප්‍රදීප් අනුර කුමාර

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More