දේශීය පුවත්

කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින් මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ (15) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව පැවසීය.

“දැනට කළු දිලීර රෝගීන් හමුවෙලා තියෙන්නේ කොළඹ ජාතික රෝහලෙන්, කුරුණෑගලින් සහ රත්නපුරයෙන්. ඒ වගේ රෝහල් ගණනාවකින් හමුවෙලා තියෙනවා. මේකෙ රෝග ලක්ෂණ තීරණය වෙන්නේ ඒ රෝගය හැදෙන ස්ථානය මතයි. මේක සමේ, නාසය, මොළය ආශ්‍රිතව, පෙනහළුවල, ඇස හෝ ඇස ආශ්‍රිතව, ශරීරයේ අභ්‍යන්තරව තියෙන මතුපිටවල් ඕනම තැනක හැදෙන්න පුළුවන්. මෙහි මූලික විෂබීජය දිලීරයක්. ඒක පරිසරයේ තියෙන්නේ.ආවට ගියාට මේ රෝගය කාටවත් හැදෙන්නේ නෑ. ශරීරයේ ප්‍රතිශක්තිය අන්තිමටම හීන වුණොත් ඒ පුද්ගලයින්ට පමණයි මේක ඇතිවෙන්නේ. පාලනය නොකළ බෝ නොවන රෝගවලින් පෙළෙන අයට, ඉන්ද්‍රියන් බද්ධ කරපු අයට (ප්‍රතිශක්තිකරණයට බෙහෙත් දෙන) මේක වැඩියෙන්ම හැදෙන්න ඉඩ තියෙනවා. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට යන්නේ නෑ.රෝගය බෝ වෙන්නේ පරිසරයෙන්. මේක ශරීරගත වෙලා ආසාදන තත්ත්වයට පත්වෙන්නේ ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම දුර්වල වෙලා ඉන්න අයට. මෙහි වඩාත්ම වැදගත් වන්නේ අවදානම් කණ්ඩායම හඳුනාගැනීම. විශේෂයෙන්ම පරිසරයේ දිරාපත්වන කසල පුස් ආදිය රැඳෙන ස්ථානවලින් තමයි වායුගෝලයට මේකේ බීජාණු එකතු වෙන්නේ ඉතින් එවැනි රෝගීන් තමන්ට එවැනි රෝගයක ලකුණක් හරි තියෙන වෙලාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම තමයි වැදගත් වෙන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More