ඊයේ (15) කොළඹ ධර්මායතනයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසා සිටියේ තම ආත්මගරුත්වය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවේ ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත්වෙමින් සිටින බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසා සිටියේ,වරායේ අක්කර 13ක් තවත් රාජ්‍යය ආයතන 20ක් පමණ විකිණීමට රජය කටයුතු කරමින් සිටින බවත් තමන් වහන්සේගේ පන්සල පිටුපස තිබෙන ඉඩමකුත් විකුණන්න සුදානමින් සිටින බවත්ය.
මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ පැහැදිලි කර සිටියේ සුපිරි වෙළෙඳසැල් දෙකක් අළුතින් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටින බවත් මේ රටේ මිනිසුන් වසර 05කට රට පාලනය කරන්න දුන්නේ රටේ දේපල වෙන්දේසි කරන්න නොවන බව මේ ආණ්ඩුව කරවන උදවිය වටහාගත යුතු බවත්ය.
තමන් වහන්සේලා මේ සිදුවන දේ සම්බන්ධයෙන් ඉතා වේදනාවෙන් පසුවන බව පැවසූ උන්වහන්සේ ජාත්‍යන්තරය ඉතා සියුම් ලෙස රට තුළ කුමන්ත්‍රණ කරන බවද පවසා සිටියෝය. නිළධාරින් ආත්ම ගෞරවය රැක ගැණීමට ආණ්ඩුවෙන් ඉවත් වෙමින් සිටින බව පැවසූ උන්වහන්සේ තවත් එවැනි නිළධාරින් ඉදිරියේදී ඉවත්වනු ඇති බවටද ඉඟි පළ කළහ.
එහිදී උන් වහන්සේ අවධාරණය කර සිටියේ ඉවත් වන සියළු දෙනාම එකට එකතු විය යුතු බවයි. 69 ලක්ෂයේ ජනවරමට තමන් වහන්සේලාත් සහභාගි වූ බව ප්‍රතික්ෂේප නොකරණ බවද අවධාරණය කිරීමට උන් වහන්සේ කටයුතු කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...