දේශීය පුවත්

හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ වැඩසටහනකට එක් වෙමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ එලිදරව් කර සිටියේ පසුගිය ජූලි මස 07 වන දින උලමා සභාවේ නියෝජිතයන් 65ත් 70ත් අතර පිරිසක් එකතුවී සූම් තාක්ෂණය ඔස්සේ රැස්වීමක් පවත්වා ඇති බවයි.

එම රැස්වීම සූක්ෂම ලෙස පටිගත කිරීමට තමන් වහන්සේට අවස්ථාව සැලසුනු බව පැවසූ උන්වහන්සේ එම රැස්වීමට ආරම්භ කර අටවන මිනිත්තුවේදී සමස්ත ලංකා ජමෙයිතු උලමා සංවිධානයේ සභාපති(ACJU)  එම් අමීන් මහතා උලමා සභාව යම් කටයුතු කරණ විට ඒවා ප්‍රසිද්ධියට පත් නොකර නිෂ්ශබ්දව කිරීම සුදුසු බවට උපදෙස් දෙනු ලැබූ බව අනාවරණය කර සිටියහ.

එහිදී උලමා සභාවේ බුර්හාන් විසින් සමස්ත ලංකා ජමෙයිතු උලමා සංවිධානය(ACJU ) ගන්නා තීන්දු තීරණ ඥානසාර හිමියන් විසින් හෙළිදරව් කරන බව අදාළ හමුවේදී පවසන බවද උන් වහන්සේ පෙන්වා දුන්හ.

ඥානසාර හිමියෝ වැඩි දුරටත් කරුණු දක්වමින් , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලතල පාවිච්චි කර අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමේ පනත මෙම උලමා සංවිධානය විසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල සහයෝගය ලබාගෙන ආපසු හැරවීමට කටයුතු කළ බව පෙන්වා දුන්හ .

එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ උලමා වරුන්ගේ පීඩනයට එරෙහිව කටයුතු කරණ සූෆි සහ තාරික් මුස්ලිම්වරුන්ගේ හඬ ඉදිරියට ගෙන ඒමෙන් පමණක් ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් අන්තවාදී ප්‍රවනතා වලක්වා ගත හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More