දේශීය පුවත්

මානව හිමිකම් මුවාවෙන් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තමන් විරුද්ධ බව චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කරයි.

සංහිදියාව, වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බල කර සිටින බව යුරෝපා සංගමය පවසනවා.

යුරෝපා සංගමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමිනුයි ස්ලෝවේනියානු නියෝජිත අනීටා පිෆන් මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකාව පසුගිය අර්බුද සම්බන්ධ ගැටළුවලට විසදුම් සෙවීමේදී එක්සත් ජාතීන්ගේ සැලසුම් රාමුවට සහය නොදැක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළා.

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය සහ නැවත පදිංචි කිරීම් පිළිබද කාර්යාලය ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකාව තිරසාර සංහිදියාවකට ඇති කැමැත්ත පෙන්නුම් කර ඇතත් එම ආයතන ස්වාධීනව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවයි ඇය එහිදී සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු සඳහා බාහිර අතපෙවීම්වලට විරුද්ධවන බව චීනය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාචික කරුණු දැක්වීමට අදාළ විවාදයට ඊයේ එක්වෙමිනුයි චීන නියෝජිතයා මේ බව සඳහන් කළේය.
මින් පෙර අවස්ථාවන්හිදීද චීනය මේ ආකාරයටම ලංකාව වෙනුවෙන් පෙනී සිටිනු ලැබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More