දේශීය පුවත්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර මහතාගේ මැදිහත් වීම ඇතුව පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බල ප්‍රදේශයට යටත් වන පානදුර සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කොට්ඨාශය සහ වාද්දූව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කොට්ඨාශය යන කොට්ඨාශ දෙක තුළ වන ග්‍රාම නිලධාරි වසම් 72ක ජීවත්වන ජනයා ඉලක්ක කර “පිහිට- බෝසත් සාමූහිකය” නම් ස්වේච්ඡා සංවිධානය පිහිටුවා ගෙන තිබුණි.

කොවිඩ් ආසාදිතයන් නිවැරැදිව හඳුනාගෙන ඔවුන්ට අවශ්‍යයවන පහසුකම් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගෙන ඒවා නිසි ලෙස බෙදා දීමත් කොවිඩ් ආසාදිතයන්ට සත්කාර කරණ සෞඛ්‍යය අංශ වල පීඩනය අඩු කිරීමට දායක වීමත් මෙම ස්වේච්ඡා සංවිධානයේ මුඛ්‍යය අරමුණ වී තිබුණු බව රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර මහතා ලංකා ලීඩ් වෙත පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් රාජ්‍යය අමාත්‍යයවරයා අප හා පවසා සිටියේ ප්‍රදේශය තුළ කොවිඩ් ව්‍යාප්තිය දැඩි ලෙස උත්සන්න වීම හේතුවෙන් එම ස්වේච්ඡා සංවිධානය “පානදුර කොවිඩ් රෝගීන් රැක බලා ගැනීමේ ස්වේච්ඡා ව්‍යාපෘතිය”ලෙස නව නාමකරණයකට ලක් කළ බවයි. ඒ අනුව නිවෙස් තුළ රැක බලාගන්නා රෝගීන් කළමනාකරණය කිරීම පිණිස වෛද්‍යය සහය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් කළ එම ව්‍යාපෘතිය අගෝස්තු 27 වන දින රැස්වූ ප්‍රාදේශීය කොවිඩ් කමිටුවේ ඒකමතික අනුමැතිය ලැබුණු බව ඒ මහතා අවධාරණය කර සිටියේය.

එහිදී ජයන්ත සමරවීර මහතා වැඩි දුරටත් පවසා සිටියේ, අදාළ ප්‍රදේශයේ ජීවත්වන වෛද්‍යයවරුන් 280න් 203න් දෙනෙකුම අදාළ ව්‍යාපෘතියට සහයෝගය පළ කිරීමට සූදානමින් සිටි බවත්,වෙනත් පරිත්‍යාගශීලීන් විසින් වාහන, රියදුරන් ආදිය ලබා දීමටද කැමැත්ත පළ කර සිටි බවත්ය .

කෙසේ වුවද ලංකා ලීඩ් වෙබ් අඩවිය කළ නිරීක්ෂණයට අනුව මුලික වශයෙන් තහවුරු වූයේ කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍යය අධ්‍යයක්ෂකවරයා අදාළ ව්‍යාපෘතිය අවශ්‍යය නොවන බව පසුගිය සැප්තැම්බර් 09 වන දින පානදුර සහ වාද්දූව ප්‍රාදේශීය සෞඛ්‍යය අධ්‍යයක්ෂකවරුන්ට දන්වා ඇති බවයි.

මේ සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා අප වෙත පවසා සිටියේ පුළුල් මහජන සහභාගිත්වයකින් දේශපාලන පක්ෂ භේදයකින් තොරව දියත් කිරීමට ඒකමතිකව තීරණය කර තිබූ රටටම ආදර්ශය ගත හැකිව තිබූ ව්‍යාපෘතියක් කිසියම් කඩාකප්පල්කාරී දුෂ්ඨ බලවේගයක් විසින් කඩා කප්පල් කර ඇති බවයි.

පානදුර කොවිඩ් මර්ධන වැඩ පිළිවෙලට බාධා එල්ල වීම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More