විදේශ පුවත්

වසරකට අධික කාලයක් මුළුල්ලේ විවිධ පරිපාලන හැලහැප්පීම් මැද ආණ්ඩුවක් රහිතව පාලනය වූ ලෙබනනයේ නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.එහිදී නජීබ් මිකාටි නමැති ලෙබනනයේ ධනවත්ම මිනිසා අගමැතිවරයා වශයෙන් පත් කර තිබේ.

නව කැබිනට් මණ්ඩලය ද මෙයට සමගාමීව පත් කෙරිණි.

විචාරකයන්ට අනුව, පුරා වසරකට අධික කාලයක් පැවති දේශපාලන අංශභාග තත්වය, මේ අනුව නිමාවනු ඇති.

නව ආණ්ඩුව පත් වන්නේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ලෙබනනනය මතභේදාත්මක ගැටළු ගණනාවකට මුහුණ දී සිටියදී ය. මුදල් ඒකකයේ අගය කඩා වැටීම, විරැකියාව සහ අති ඉහළ උද්ධමනය, විදුලිය, ඉන්ධන හා ඖෂධ හිඟය වැනි ගැටලු ගණනාවක් මේ වන විට ඇති ව තිබේ.

පූර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් ලෙබනන් ජාතිකයන් පුරා වසර දෙකකට අධික කාලයක් උද්ඝෝෂණ කරමින් සිටියහ. අවසානයේ 2020 අගෝස්තු 4 වැනිදා බීරූට් තොටුපොළේ දැවැන්ත බෝම්බ පිපිරුමක් සිදුවී දින කිහිපයකට පසුව ලෙබනන් අගමැති හසොන් දායිබ් ඉල්ලා අස්විය. ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් පුපුරා යාම නිසා මෙම අනතුරේදී පුද්ගලයන් 203 දෙනෙක් මරණයට පත් වූ අතර, සිදුවූ හානිය ඩොලර් බිලියන ගණනකි. මෙවැනි ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් ලෙබනන් වරායේ තිබෙන බව බලධාරීන් නොදැන සිටි බවට ද වාර්තා විය.

කෙසේ නමුත් වසර 2 ක් තිස්සේ අපේක්ෂා කළ වෙනස, ලෙබනනයේ නව ආණ්ඩුවෙන් ද ලැබෙනු ඇතැයි සිතීම ප්‍රායෝගිකව දුෂ්කර ය.

නව අගමැති නජීබ් මිකාටි, මීට පෙර ද 1998 සිට 2003 අතර කාලය තුළ දෙවරක් ලෙබනනයේ ඇමති ධුර හොබවා තිබේ. ටෙලිකොම් ව්‍යාපාර ගණනාවක හිමිකරු වන ඔහු, ලෙබනනයේ පමණක් නොව සිරියාවේ ද ටෙලිකොම් ව්‍යාපෘති සිදුකර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More