විදෙස් සංචාරකයින් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ PCR පරීක්ෂණ සිදුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (14) එම මධ්‍යස්ථානය නිරීක්ෂණය කළේය.
කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට පැය 03ක කාලයක් තුළ එම පරීක්ෂණවල ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීමට මෙම මධ්‍යස්ථානය හරහා හැකියාව පවතී.
මෙම මධ්‍යස්ථානය තුළින් පැයකට PCR පරීක්ෂණ 500ක් පමණ සිදුකළ හැකිය.
ඒ අනුව දිනකට PCR පරීක්ෂණ 7,000ක් සිදුකිරීමේ ධාරිතාවයක් එම මධ්‍යස්ථානය සතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...