දේශීය පුවත්

නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිළියක් තුළ තිබී ඊයේ (14) දහවල් කාලයේදී අත් බෝම්බයක් සොයාගැනුණු බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වූ ඉහළ පොලිස් නිළධාරියෙකු පවසා සිටියේ බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණු බවයි.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති අතර, රෝහලේ සේවය කරන පුද්ගලයෙකු, සිදුවීම ඇසින් දුටුවෙකු සහ තවත් අයෙකු එම තිදෙනා වේ.

සිද්ධිය වාර්තා වූ වහාම එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායම් සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය ස්ථානීය විමර්ශන ආරම්භ කර අතර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණියහ.

මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් හරහා රෝහලේ CCTV දර්ශන ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More