ප‍්‍රධාන පුවත්

ආජන්ටියානු පරීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් ලෝක ප්‍රසිද්ධ ලැන්සෙට් වෛද්‍ය සඟරාව වාර්තා කර සිටින්නේ ආජන්ටිනාව තුල සිදුකළ පරීක්ෂණයක් මඟින් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 60 -79 වයස් කාණ්ඩයේ පුද්ගලයින් තුළ කෝවිඩ් 19 වෛරසයට එරෙහි ඉහල ආරක්ෂාවක් ඇති කරන බවයි.

ඔන්ලයින් ක්‍රමවේදයට එන්නත්කරනය සඳහා සහභාගි වූ පිරිස මෙම පර්යේෂණයේ නියැදිය වී ඇති අතර ඉන් 416,000 පමණ පිරිසක් ස්පුට්නික්-වී එන්නතෙහි පළමු මාත්‍රව ලබාගත් පුද්ගලයන් වන අතර ඉන් 40,400ක පමණ පිරිසක් වයස අවුරුදු 60 – 79 වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් වේ.

ආජන්ටියනු පරීක්ෂණ කණ්ඩායම සිදුකළ මෙම පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ස්පුට්නික් වී එන්නතෙහි පාළමු මාත්‍රාව ලබාගත් 78.6%ක පිරිසක් වෛරසය ආසාදනය වීමෙන් වැළකී ඇති බවත්, වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ප්‍රමාණය 87.6%කින් පහත වැටී ඇති බවත්,වයස අවුරුදු 60 -79 වයස් කාණ්ඩය තුළ සිදුවන මරණ ප්‍රතිශතය 84.8%කින් පහත වැටී ඇති බවත්ය.

තවද ආජන්ටියානු පරීක්ෂණ කණ්ඩායම අවධාරණය කරන කරුණක් වන්නේ කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිෂ්පාදිත ෆයිසර් බයෝටෙක්, ඇස්ට්‍රසෙනෙකා,මොඩර්නා සහ ජොන්සන් සහ ජොන්සන් යන එන්නත්වල ඵලදායිතාව ඉතා පහළ මට්ටමක් ගන්නා බවත් වෛරසය ආසාදනය වීම සහ ආසාදනය වී රෝහල් ගත කරන ප්‍රමාණය සහ ඉන් සිදුවන මරණ සංඛ්‍යාවද ස්පුට්නික් වී එන්නතට වඩා සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බව එම පර්යේෂණ කණ්ඩායම සඳහන් කරනු ලබයි.

ආජන්ටිනාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වලට අනුව මිලියන 9.9 ක ට අධික පිරිසක් ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් වන අතර මිලියන 3.3 කට අධික පිරිසක් එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇත එමෙන්ම ආජන්ටිනාව තුළද ස්පුට්නික් – වී එන්නත් නිෂ්පාදනය ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

https://www.rt.com/russia/534708-sputnik-vaccine-argentina-study/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More