දේශීය පුවත්

ලන්ඩන් ඉනිෂියේටිව් සංවිධානයේ ජෙයරාජ් පලිහවඩන මහතා දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ ඩයස්පෝරාවේ කටයුතු වලට එරෙහිව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සංවිධානය කිරීමේ කටයුතු වල නියැලෙන්නෙකි. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සමඟ ඉතා මිත්‍රශීලීව කටයුතු කරමින් ජීනීවා මානව හිමිකම් සමුළුවට රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීමට අවශ්‍යය කටයුතු සම්පාදනයේ ලා මහඟු දායකත්වයක් දැරූ ශ්‍රී ලාංකිකයෙකි. එතුමා එංගලන්තයේ සොලිසිටර්වරයෙකු ලෙස කීර්තියක් දිනාගෙන ඇත්තෙකි. ජෙයරාජ් පලිහවඩන මහතා විසින් පසුගිය 46වන ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් “ලංඩන් ඉනිෂියේටිව්” හි “ෆේස් බුක්” පිටුවේ පලකරනු ලැබුවේය . ඔහුගේ වාර්තාව හිටපු විදේශ අමාත්‍යයවරයෙකු වූ මංගල සමරවීර මහතා ඉහලින්ම පිළිගත්ත OISL වාර්තාව පාදක කරගනිමින් දරුස්මාන් වාර්තාවේ සිටම අධ්‍යයනය කර කරනු ලැබූ විශ්ලේෂණයක් විය. කෙසේ වුවද ජෙයරාජ් සිය මුහුණු පොතේ පල කර වාර්තාව සම්බන්ධව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරණ යස්මින් සූකා මහත්මිය තමාට අපහාසයක් වී ඇතැයි සඳහන් කරමින් ලංඩන් අධිකරණයේ නඩු පවරා ඇත. මේ සම්බන්ධව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතර තුර ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ විධායක කමිටු සාමාජික සේනක රාජපක්ෂ මහතා ජෙයරාජ් පලිහවඩන මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා වෙත සහ විදේශ අමාත්‍යය ජී එල් පීරිස් මහතා වෙත සංදේශයක් භාර දෙනු ලැබීය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා ජෙයරාජ් පලිහවඩන මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයා බලා මැදිහත් වන බව පොරොන්දු වී ඇති බව අප වෙත වාර්තාවේ. තවද විදේශ අමාත්‍යය ජී එල් පීරිස් මහතා මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම උපරිම වශයෙන් සිදු කිරීමට තමා පෞද්ගලිකවම මැදිහත් වන බව දන්වා ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More