රාජ්‍ය මූල්‍ය සංචිත පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගත යුතු මහබැංකුව දේශපාලන බලපෑමෙන් වෙන්කොට තබා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අවධාරණය කර සිටියි.
ණය ආපසු ගෙවීමේ ගැටලුව, ආර්ථික අර්බුදය සහ බරපතළ විදේශ විනිමය හිඟයකට රට මුහුණ පා සිටින සමයක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු හා මුදල් රාජ්‍ය ඇමති වරයාව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාව තුළ ආර්ථික ව්‍යාකූලත්වයක් හා අවිනිශ්චිතභාවයක් මතු කිරීමට මුල් වනු ඇති බව සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
මහබැංකු සම්බන්ධයෙන් වැරදි තීරණ ගත් ආජන්ටිනාව, හන්ගේරියාව සහ සිම්බාබ්වේ වැනි රටවල්වලට සිදු වූ දෙය ශ්‍රී ලංකාව තුළත් සිදු නොවිය යුතුව ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...