පුරවැසි කොලම

මේ වන විට ලෝකයම අසරණවී ඇතයි අපිට දැනෙන්නට සලස්වා ඇත. එය අපි මන්තරයක් වගේ මතුරමින් සිටී.

එබැවින් මේ වන විට අපේ මනස් තුල “….මේ වෛරසයක් හින්දා ලෝකයම අසරණ වෙලා…” යැයි යාථාර්තයක් වී ඇත.

මෙම නිර්මිතය අපි යථාර්ථයක් බවට පත්කර ගෙන අපි අපි අතර මාරාන්තික තර්ක විතර්ක ගොඩනගා ගනිමින් සිටී.

මේ ඇටේ ඇතුලේ රජය, විපක්‍ෂය, ටොයියෝ, බයියෝ, ජෙප්පො, නිරාලා, ටෙරාලා, NGO, කහ කඩයෝ, පාදිලියෝ, හිගන්නෝ, 225, ගෑණු-පිරිමි, එදාවේල ටුවස් වම, ලදුරුවලිප්පු විකල්ප, කීබෝඩ් වීරයෝ සහ කාලකණ්නි ආදී නොයෙකුත් කල්ලි කණ්ඩායම් වලට බෙදී අසරණවීම යථාර්ථයක් කරමින් සිටී.

මේ සදහා සක-බර් විශාල අනුග්‍රහයක් දක්වමින් සිටී. ඇත්තටම මේ හැම කොටසක්ම ව්‍යසන මත යැපෙන ධනවාදයේ සේල්ස් රෙෆ් ලාය.

ධනවාදය යනු ධනය (මිල මුදල්) ලාභය වශයෙන් සලකන ක්‍රමයකි. ශ්‍රී ලංකාව තුළ දී මෙම ධනවාදය තව තවත් පාදඩකරණයට ලක් වන අතර හිරිකිතයකින් තොරව ලාබය සදහා ඕනෑම ජහජරා මජර වැඩක් ලැජ්ජාවකින් තොරව කිරීමට පෙලෙඹේ.

මෙම මජර දේශපාලනය සදහා ඍජුවම ඒ ඒ කාල වලට පවතින රජයන් හා ඒ ඒ කාලවලට පවතින නිළධාරි පන්තිය සම්බන්ධ වන අතර වක්‍රව ඉහත මුල් ජේදයෙන් දක්වන්නට යෙදුන සියළුම කල්ලි කණ්ඩායම් සම්බන්ධවේ.

අප සමාජය තුළ හැබෑම ප්‍රශ්ණය යට ගැසීම තමයි මේ පිරිස නිරන්තරයෙන් කරමින් සිටින්නේ. එහෙත් ඒ බව ඒ ඒ පාර්ශව වලට ආවඩන අනුගාමිකයන් ප්‍රශ්න කර තේරුම් නොගෙන වහල්ලුන් සේ නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. මේ හැම පිරිසකටම අනුගාමික බැතිමතුන් හෙවත් වහල්ලුන් ඇත.

ඇත්තටම මේ කොවිඩ් වසංගතය නිසා වරප්‍රසාද නොලත් සාමාන්‍ය ජනයාට සහ දුගී දුප්පතුන් හට මහා දුකක් කරදරයක්, අකරතැබ්බක්, දැරිය නොහැකි පාඩුවක්, කඩා වැටීමක් විනයි සෑම කොටසක්ම, සෑම ජනමාධයක්ම, සමාජ මාධ්‍යයක්ම පුන පුනා කියමින් සිටී.

රැකියා ලක්ෂ ගනන් අහිමි වෙන බව වැනි දත්ත මත පදනම් වූ සංඛ්‍යා හා වචන වලින් සැම දෙනාම භය කරමින් සිටින බව මම විශ්වාස කරමි.

ඇත්තටම මේ Covid 19 වසංගතය නිසා සාමාන්‍ය වරප්‍රසාද නොලත් කිසිවෙකුටත් අමුතුවෙන් බලපෑමක් නොකල බවයි මගේ මතය. ඒ මොකද යත් මෙම Covid 19 වසංගතයට පෙරත් සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය, අධ්‍යාපනය, ආහාර සහ ජීවත්වීමේ පොදු මානව අයිතීන් සුරක්ෂිතව පොෂණය වී තිබුනේ නැත. අදට පවතින ප්‍රශ්න එදත් මේ ආකාරයෙන්ම පැවතින.

මෙන්න මේ යථාර්ථය කිසි විටකත් කිසිම කණ්ඩායමක් මතු කරමින් සටන් කරමින් අයිතීන් දිනා ගැනීමට කටයුතු නොකරන ලදි. ඒ ඔවුන්ද මෙම ක්‍රමය පවත්වාගෙන යාම සදහා අනියම් විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන නිසාවෙනි.

එදා වේල තුළ ප්‍රශ්න ගැන කතාකරමින් ඒවා වවාගෙන කමින් කල් මරමින් මජර ධනවාදය තහවුරු කරන්න කටයුතු කරමින් සිටීම තමයි වක්‍ර සහයකයින්ගේ සහයෝගය වී ඇත්තේ.

වක්‍රසහයකයන් මැජික් කාරයන් සේ ජනතාව ඉදිරියේ එදාවේල ප්‍රශ්න තොරොම්බල් කරමින් ඇස් නිලංකාර වන රැගුම් රග දක්වමින් තම අනුගාමික වහල්ලුන් සංතර්පනය කරමින් සිටී.

මේ Covid 19 වසංගතය නිසා ව්‍යාපාර කඩාවැටීමෙන් ප්‍රධාන වශයෙන් සුඛවිහරණය නැතිවෙන්නේ හෝ කඩාවැටෙන්නේ ධනවතුන්ගෙයි. ඔවුන් රිසි රිසි සේ භුක්ති විදිමින් සිටි සියළුම සම්පත් ධ්‍රවීකරණයක් වනු ඇත. ඒ රට තුල, දේශය තුළ, ලෝකය තුළ ඇති සම්පත් වල සාමූහික සමාජ අයිතිය මේ ව්‍යසනය තුල විශාල ඉල්ලුමකට ලක්වන බැවිනි.

එවිට ධනපති ඉහල ස්ථරය අසීමිතව භුක්ති වින්ද ඒ සෞඛ්‍ය පහසුකම් මූලික සියලූම අවශ්‍යතාවයන් පහල සමාජයට කුමන හෝ තත්ත්වයකින් ලබා දීමට සිදුවන නිසා ඔවුනගේ (ධනපතින්ගේ) පරිභෝජන වපරිසරය කුඩා වෙන්න පටන් ගැනීමත් සමග ඔවුනට එම පරිදිය විශාල කර ගැනීම කෙසේ වෙතත් ක්ෂය වීම නවතා තබා ගැන්මට අවැසිය.

ඒ සදහා මා පෙර සදහන් කළ වක්‍රසහයකයන්ගේ ක්‍රියාකාරිත්වය අත්‍යාවශ්‍යය.

ඔවුන් විසින් ගොඩනගන තාවකාලික (එදාවේල) ගැටුම් මත පදනම්ව ජනතාව මුලා කරමින් තම පරිදිය විශාල කර ගැනම හෝ පරිධිය තහවුරු කර ගැනීම කළ හැකිය.

වසංගතයක් නිසා කඩා වැටෙන ව්‍යාපාර වෙනුවට වෙනත් ආධායම් මාර්ග වෙනත් ව්‍යාපාර පොකුරු පිටින් ආරම්භ කර ගැනීමට ධනපතියන් මේ වන විට කටයුතු කරමින් සිටිනුයේ තම ධනය හා සමාජ ස්ථාවර භාවය ශක්තිමත් කර ගැනීම සදහායි.
(ඉන්ද්‍රජිත් වෑවලගේ)

https://theleader.lk/social-media/8229-2021-09-14-07-32-10



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More