බස්නාහිර පළාත තුල ලබන මාසයේ සිට පැනවීමට නියමිත නව නීතියකට අනුව කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා ගැනීම අත්හිටුවන බව වාර්තා වේ.
මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා පරීක්ෂකවරුන් නිරන්තර පරීක්ෂා කිරීම් වල යොදවන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසා සිටී.
බස්නාහිර පළාත් සභාවේ ආරංචි මාර්ග වලට අනුව බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 6,200 ක් පමණ සංඛ්‍යාවක් ධාවනය වන අතර එම බස් රථ සේවකයන් සඳහා ද කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය කර ඇති බව වාර්තාවේ.
නව නීතියට අනුව පළාතේ බස් රථවල ගමන් කරන මගීන් කොරෝනා එන්නත් කරන කාඩ් පත තමන් සතුව තබා ගැනීම අනිවාර්ය කර ඇති අතර බස් රථයට මගින් ඇතුළු කර ගැනීමේදී කාඩ් පත පරික්ෂා කිරීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බව ද අධිකාරිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...