විදේශ රැකියා නියුක්තිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ජූනි සහ ජූලි මාසවලදී පහත වැටීමකට ලක්ව ඇත.
මහ බැංකුවේ නවතම නිවේදනයකට අනුව 2020 වසරේ ජූලි මාසයේ ඩොලර් මිලියන 702ක් මේ මගින් මෙරටට එවා තිබුණු අතර පසුගිය ජූලි මාසයේ දී එය ඩොලර් මිලියන 453ක් දක්වා පහත වැටී ඇත.
මේ අනුව 2020 ජූලි මාසයට වඩා මෙම වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 249කින් විදේශ රැකියා නියුක්තිකයන් සම්ප්‍රේෂණය කරන මුදල් ප්‍රමාණය පහත වැටී තිබේ.
මෙසේ සම්ප්‍රේෂණ පහත වැටීමට මූලික ම හේතුව වශයෙන් මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විදේශ විනිමය උපයන්නන් මත ආණ්ඩුව එල්ල කර තිබෙන දැඩි පීඩනයයි.
මෙම තත්වය හමුවේ බොහෝ පිරිස් තමන්ගේ විදේශ විනිමය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශ රටවලම අදාළ මුදල් රඳවා තබා ගනිමින් ඔවුන්ගේ මෙරට පවුල්වල සාමාජිකයින්ට උන්ඩියල් ක්‍රමයට මුදල් ලබාදීමට ක්‍රියාකරමින් සිටීමයි.
තවත් පැත්තකින් මෙරට තුළම විදේශ විනිමය සම්බන්ධයෙන් විනිමය අනුපාත තුනක් ප්‍රායෝගිකව පවතී. එනම්, මහ බැංකුවේ නිල විනිමය අනුපාතය, වාණිජ බැංකුවල විනිමය අනුපාතය සහ වාණිජ බැංකුවලටත් පිටින් ක්‍රියාත්මක වන්නා වූ කළු කඩ විනිමය අනුපාතය වශයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...