කෘෂිකර්ම අමාත්‍යයවරයා විසින් වී සඳහා රුපියල් 55ක සහතික මිලක් ලබා දෙන බවට සිදු කළ ප්‍රකාශයට ජාතික ගොවිජන එකමුතුව මෙසේ ප්‍රතිචාර දක්වා ඇත. එම සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ වී වලට රුපියල් 55ක මිලක් භාරගන්න ගොවියා සූදානම් නැති බවය. ඒ නිසා හිත හොඳින් පළමු වටයේදීම රුපියල් 60ක් දීල ගෞරවය ගන්නා ලෙස ඉල්ලා සිටින ඔහු ආණ්ඩුවට අනතුරු අඟවන්නේ එසේ නැති නම් කුජීත වෙලා රුපියල් 60ක් දෙන්න සිදුවන බවය.ගොවියාට තවත් වැටෙන්නට තැනක් නැති නිසා සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නැති බවද ඔහු කියයි.වී ගත්තේ පොලොව හාරලා නෙවෙයි.ගොවියාගේ ලේ,දහඩිය, කඳුළු එකතු කරලා.ගොවියාට රුපියල් 60ක් ගෙවලා හාල් රුපියල් 110-115ට දෙන්න පුළුවන්.දැනුත් මිල ඒක නම් ඕන අංක ගණිතය දන්න මෝඩයෙකුට තේරෙන්න ඕන ගොවියාට රුපියල් 60ක් දීම මගින් පාරිභෝගිකයාට අළුත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියල.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...