දේශීය පුවත්

එකම මුව ආවරණය අපිරිසිදුව පැලදීම නිසා තවත් මාරාන්තික රෝගයක් ශ්‍රී ලංකාවෙන්ද වාර්තා වේ.එනම් කළුපුස් දිලිර රෝගය වැළදුන රෝගීන් කිහිප දෙනකු මේ වන විට මෙරටින් සොයාගෙන තිබීමත් සමගයි.

කොවිඩ් අසාදනයට සෘජු බලපැමක් නැතත් දීගුකාලීනව මුව ආවරණ පැලදීම හේතුවෙන් මෙම කළුපුස් දිලිරය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

මේ වන විට කළුපුස් රෝගය අසාදනය වූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු වකුගඩු රෝගියකු බැවින් ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය බව වාර්තා වේ.

මෙම රෝගියාගේ නාසය අභ්‍යන්තරයේ සහ එක ඇසක මෙම දිලිරය ආසාදනය වී ඇති අතර ඔහු කොවි ඩ් අසාදිතව සුව වී සිටි පුද්ගලයකු බව වාර්තා වේ.

මේ වනවිට තවත් එවැනි රෝගීන් කිහිපදෙනකුම ප්‍රතිකාර ලාබගෙන ඇති බව වාර්තා වේ.

මෙම රෝගය පිළිබද තොරතුරු හෙලිවුයේ අසාදිත රෝගීන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම වාර්තා වීමත් සමගයි.

මෙම කළුපුස් දිලිරය අසාදනය වූ රෝගීන් අතර ප්‍රතිශක්තිය දුර්වල රෝගීන් සිටින අතර ඔවුන් දීර්ඝ කාලින දියවැඩියා රෝගීන් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජනය වූ පිරිස් බව වාර්තා වේ.

දිගු කාලයක් එකම මුව ආවරණය පැළද සිටීම සහ අපිරිසිදුව මුව ආවරණ පැළදීම හේතුවෙන් මෙම දිලිරය අසාදනය වන බව වෛද්‍යවරු ප්‍රකශ කරයි.

කළුපුස් දිලීරය ආසාදිත බවට හඳුනාගෙන ඇති රෝගීන් කිහිපදෙනා අතර ප්‍රතිශක්තීකරණයෙන් දුර්වල පුද්ගලයන් සිටින බවටත් ඔවුන් දීර්ඝ කාලීන දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජන වූ අයවලුන් බවටත් තොරතුරු වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More