දේශීය පුවත්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය හෙටින් (15දා) අවසන් වීමට නියමිතය.

මේ වනවිට පාසල් 2000කින් පමණ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර යොමුකර ඇති බවත්, තවත් පාසල් 340ක පමණ අයදුම්පත්‍ර ලැබීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් 6000ක පමණ අයදුම්පත්‍ර මේ වනවිට ලැබී ඇති බවත්, තවත් පාසල් 3000කින් පමණ අයදුම්පත්‍ර ලැබීමට නියමිත බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙතෙක් අයදුම්පත්‍ර යොමුකර නොමැති පාසල්වල අයදුම් පත්‍ර අද (14දා) සහ හෙට (15දා) දිනවලදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, තවදුරටත් අයදුම් පත්‍ර කැඳවීමේ කාලය දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳ තීරණය හෙට (15දා) දිනයෙන් පසු ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රට තුළ පවතින තත්ත්වය හා ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් 2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා පෙනී සිටින සිසුන්ගේ අයදුම් පත් යොමුවීමේ ප්‍රමාදයක් පවතීදැයි ‘අද’ කළ විමසීමකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් කැඳවීම ඉකුත්ජූලි 30වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණද, රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

මෙවර විභාගය සඳහා සෑම විභාග අපේක්ෂකයෙකුම අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ ඔන්ලයින් ක්‍රමවේදය මගින් පමණි.ඒ අනුව, ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදි ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර යොමුකළ යුතු බවද අමාත්‍යාංශය දැනුම් දී තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More