දේශීය පුවත්

කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරීමේ සමාගමේ බහුතර අයිතිය අමාත්‍යය මණ්ඩලය පවා නොමඟ යවා අමෙරිකානු සමාගමකට ලබා දෙන බවට පැතිර යන කට කථා සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් දැක්වීය.

“කෙරවලපිටිය විදුලි බලාගාරයේ පළමු අදියර මෙගා වොට් 200ක්  සහ මෙගා වොට් 100ක් වශයෙන් පියවර දෙකකින් තනා නිම කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීයි. ඒ 2010 වර්ෂයේදී පමණ.ඒ සඳහා ආයෝජනය කළේ රජයට බහුතර අයිතිය තිබෙන ලක්දනව් කියන සමාගම . ඉන්පසුව 2016දී දෙවන බලාගාරය ඉදිකරන්න ටෙන්ඩර් කැඳවනවා.එම බලාගාර පද්ධතියට කියන්නේ “යුගදනව්”. එම සමස්ත බලාගාරයේ ඉදිකිරීමට අදාළ ටෙන්ඩරය චීන සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ලක්දනව් සමාගම අධිකරණය හමුවට යනවා. ඉන්පසුව 2020 වසරේදී අධිකරණයෙන් නඩුව ඉවත් කර ගැනීමේ කොන්දේසිය යටතේ අදාළ ටෙන්ඩරය ලක්දනව් සමාගමට ලබා දෙනවා. ඉන් පස්සේ 2021 ජූලි මස 08 වනදා අමෙරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි (NFE ) සමාගම ලක්දනව් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ප්‍රකාශයට පත් කරනවා. නමුත් වගකිවයුතු අමාත්‍යයවරු හෝ අමාත්‍යය මණ්ඩලය මේ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කරන්නේ නැහැ. දැන් එම අවබෝධතා ගිවිසුමට අනුව ලක්දනව් සමාගමේ තිබෙන භාන්ඩාගාරයේ බහුතර අයිතිය අමෙරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි (NFE) සමාගමට විකුණන්න තමයි අමාත්‍යය මණ්ඩලය නොමඟ යවා තීන්දුවක් ගත් බව ප්‍රකාශ කරන්නේ. මෙහි තිබෙන භයානකම කාරණය තමයි රජය සතු කොටස් විදේශීය පුද්ගලික සමාගමකට විකිණීමට අමතරව සියලුම බලාගාර වලට අනාගතයෙදි LNG ගෑස් ලබාදීමේ ඒකාධිකාරය එම සමාගමට ලබා දීම.එවිට අනාගතයේදී සියළුම බලාගාරවල පැවැත්ම අමෙරිකානු සමාගමක අනුකම්පාව මත රඳා පවතිනවා.පුද්ගලික සමාගමකට ටෙන්ඩරය දීල එම සමාගමෙන් අඩුම මුදලට විදුලිය ලබා ගන්නවාට වඩා බරපතලයි රජයේ සමාගමක කොටස් විදේශීය පුදග්ලික සමාගමකට විකිනීම.එසේ කිරීම  රජයේ දේපලක් සදාකාලික  සමාගමක අයිතියට පත් කිරීමක්. එම අයිතිය පවරා දෙන්නේ ඒකාධිකාරියකුත් සහිතව. BOT ක්‍රමයට එනම්  ඉදිකර ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ ආයෝජනයක දී අදාල ව්‍යාපෘතිය යම් කාලයකින් ආපසු  ලැබෙනවා. නමුත් මෙය අයිතිය සදාකාලිකවම විකිණීමක්. රජයේ දේපල විකිණීමක්.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More