විදේශ පුවත්

ජපානයේ බොහෝ ප්‍රදේශවලට පහර දීමේ හැකියාව සතු නව දිගු දුර නැව් මිසයිලයක් උතුරු කොරියාව විසින් අත් හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍යය වාර්තා කර සිටියි.

KCNA (Korean Central News Agency) පුවත් ඒජන්සිය සඳහන් කරනුයේ සති අන්තයේ සිදු කර ඇති පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ මෙම නැව් මිසයිලය කි.මී.1500 ( සැතපුම් 930ක් ) දුරට ගමන් කළ හැකි බවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයක සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියත් තවමත් ආයුධ නිපදවීමේ හැකියාව උතුරු කොරියාව සතු බවයි.

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ මෙම නව නැව් මිසයිල අත් හදා බැලීම අසල්වැසි රටවලට තර්ජනයක් වන බවයි.

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ මෙම නව නැව් මිසයිල අත් හදා බැලීම අසල්වැසි රටවලට තර්ජනයක් වන බවයි.

මෙම තත්ත්වය නොසළකා හැරීම නොකළ යුතු බව ද ජපානය ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මිසයිල යනු ඉතා වැදගත් උපාය මාර්ගික ආයුධයක් බව KCNA පුවත් ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර සිටියි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More