පුරවැසි කොලම

අභිනවයෙන් පත්වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට තමන් සුභපතන බවත්, එතුමා කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා ජනතාවට අයිති මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු යූ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා පවසයි. ඇඩ්වොකාටා ආයතනය සංවිධානය කළ අන්තර්ජාල සංවාදයක දී ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා කියා සිටියේ, කබ්රාල් මහතා තමන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට යන බවට ප්‍රකාශයක් කළ යුතු බවයි. එසේම වත්මන් මහ බැංකු අධිපතිවරයා ක්‍රියාත්මක කරන ලද ඩොලරය රු. 203 මට්ටමේ තබා ගැනීම හා අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා 100% ක ආන්තික තැන්පතු තබා ගැනීම වහාම ඉවත් කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

“අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාට මම සුභ පතනවා. එතුමත් එක්ක මම අවුරුදු 3 ක් වැඩ කළා. එතුමා මගේ මතය අනුව හොඳ පාලකයෙක්. ඒ ‌වගේම ෂොක් එකක් ඩිලිවර් කර කර ඒ මතම යැපෙන මනුස්සයෙක් නෙමෙයි. අවස්ථාවක් ආවොත් එතුමා ඔ්නෑම අවස්ථාවක දී ප්‍රායෝගිකව ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා එතුමාට වැඩි ශක්තියක් තිබෙන බව මම හොඳටම දන්නවා. මොකද මම අවුරුදු 3ක් එයත් එක්ක වැඩ කරපු නිසා.”

“එතුමාට මම මගේ අන්තිම අවවාදය දෙනවා. පළවෙනි අවවාදය තමයි ආපු ගමන් ‘ලක්ෂ්මන් ෂොක්’ එක අයින් කරන්න. ‘ලක්ෂ්මන් ‌ෂොක්’ දෙකක් තිබෙනවා. පළවෙනි එක තමයි 203 ට රුපියල හිර කරලා තියෙන එක. දෙවෙනි එක තමයි ණයවර ලිපිවලට 100% ක් තැන්පතු භාර ගන්න එක. මොකද දැනටමත් ඒ ආනයන කරපු පුද්ගලයෝ රටට අවශ්‍ය බඩු ගෙනල්ලා හිරකර ගෙන ඉන්නේ. ඔ්ක තවදුරටත් තියාගෙන ඉන්නවා කියන්නේ ඒ ගොල්ලන්ට වැඩිපුර ආදායමක් උපයා ගන්න අවස්ථාව දෙන එක. මගේ පළවෙනි අවවාදය තමයි, පළවෙනි කතාවෙදි කියන්න මම මේ ලක්ෂ්මන් ෂොක් දෙකම අයින් කරනවා කියලා.”

“දෙවෙනි එක තමයි මහ බැංකුව විදියට එතුමා අධිපතිභාවය දරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මහ බැංකුවේ නෙමෙයි. ශ්‍රී ලංකා ජනතාවට අයිති මහ බැංකුවේ. ඒ නිසා ශ්‍රී ලංකා ජනතාවට අයිති මහ බැංකුව නම් එතුමා රකින්න ඔ්නේ අපේ අයිතිවාසිකම්. එතුමා නැෂනල් ඉන්ටරස්ට් කියලා කියන්නේ ආණ්ඩුවේ ඉන්ටරස්ට් එකවත්, එහෙම නැත්නම් පුද්ගලයෝ කණ්ඩායමක ඉන්ටරස්ට් එකවත් නෙමෙයි, රටේ ජනතාවගේ ඉන්ටරස්ට් එක. ඒ නිසා අපේ සාක්කුවේ තියෙන රු. 5,000 වටිනාකම එතුමා සුරකින්න ඔ්නේ. ඒ දේ කරන්න නම් එතුමා කියන්න ඔ්නේ ආණ්ඩුවට ඔයගොල්ලෝ දැනට මේ බදු කපා ගෙන ආදායම අඩුකර ගෙන තියෙනවා බිලියන 600 කින් විතර. ඔ්ක හැමදාම කරන්න බැහැ. වෙනත් වචනයකින් කියනවා නම්, ඔයගොල්ලන්ගේ ගෙදර වහලේ ලොකු සිදුරක් හදා ගෙන ‌තියෙන්නේ. වහින කොට වහලෙන් හෝ ගාලා වැහි වතුර එනවා. ඒ නිසා වහාම ඔය සිදුර වහන්න. වහලා රජයේ ආදායම් පදනම වැඩිදියුණු කර ගන්න. වැඩිදියුණු කරලා ඊට පස්සේ වියදම් පදනමේ දී අනවශ්‍ය අහිතකර වියදම් සියල්ලක්ම නැවත වරක් පුනරීක්ෂණයට භාජනය කරලා ඒ වියදම් ප්‍රමාණය රටට අවශ්‍ය වියදම්, ඵලදායී වියදම් බවට පත්කර ගන්න.”

“ඊළඟ එක තමයි කවුරු මොනවා කිව්වත් ප්‍රකාශයක් නිකුත් කරන්න, මම යනවා IMF එකට. එතුමා බොහෝ විට කියලා තිබුණා, IMF is not the solution කියලා. ඒ කතාව රාජ්‍ය ඇමතිවරයා විදියට කිව්වාට, ශ්‍රී ලංකාවේ ජනතාවට අයිති මහ බැංකු අධිපතිවරයා විදියට එතුමාට ඒ කතාව කියන්න බැහැ. එතුමා ඒ කතාව කියන්න ඔ්නේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා මම එතුමාට කියනවා, ප්‍රකාශයක් කරන්න IMF එකට යනවා කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More