එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඊයේ (13) ජිනීවා නුවරදී ආරම්භ වූ අතර මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් පිළිබද වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය.
සමුළුව අමතමින් ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව පවසා සිටියාය.
ඇයට අනුව මේ යටතේ සිවිල් කටයුතුවලදී ද හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල් කිරිමේ හැකියාව පවතී.
එහිදී ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ සාමකාමී විරෝධතා හා සැමරුම් සිදුකරන පුද්ගලයින් රාජ්‍ය බලය යොදවා අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ බලහත්කාරයෙන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බවය.
මෙහිදී ඇයගේ වාචික කරුණු දැක්වීමේදී 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබඳව නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම පිළිබඳවද අවධාරණය කරණු ලැබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...